IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පාස්කු ප්‍රහාරයෙන් මියගිය - අනාථ වූ දරුවන් වෙනුවෙන් අරමුදලක්

(අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්  ආබාධිත වූ දරු දැරියන් සඳහාත් මාපියන් මියගිය සහ  ආබාධිත වීමෙන් අනාථ වූ දරුදැරියන් සඳහාත් විශේෂිත ළමා අරමුදලක් පිහිටුවීමට කටයුතු යොදා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මෙම ළමා අරමුදල රුපියල් මිලියන 500 කින් සමන්විත වන අතර, රුපියල් මිලියන සියයක් රජයේ ප්‍රදානයක් ලෙස ද, ඉතිරි මිලියන 400 ආධාර ලෙස ද එම අරමුදලට එක් කෙරෙනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ විශේෂ ප්‍රකාශකයෙක් පැවැසීය.

ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍යවරයා විසින් හෙට (04) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව කී අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා අරමුදලේ ඉදිරි කාර්යයන් අධීක්‍ෂණය හා ක්‍රියාත්මක කරලීම උදෙසා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ද පත් කරන බවද සඳහන් කළේය.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ආබාධිත වූ පුද්ගලයන්ට විදේශගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවල රජය විසින් වියදම් දැරීම හා වින්දිතයන්ගේ විශේෂ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා කටයුතු කිරීමට ද රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද රජය තීරණය කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 261 දෙනෙක් බවට දැනට තහවුරු වී ඇති අතර එයින් 174 දෙනෙකු වෙනුවෙන් මේ වන විට වන්දි ලබා දී ඇතැයිද තුවාල සිදුවූ 407 දෙනෙකු අතරින් 226 දෙනෙකු පිළිබඳ වෛද්‍ය වාර්තා දැනට ලැබී ඇති අතර ඒ සියලු දෙනා වෙනුවෙන් වන්දි ලබා දී ඇති අතර ඉතිරි වෛද්‍ය වාර්තා ලැබුණු විගස වන්දි ලබා දීම සඳහා පියවර ගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

මීට අමතරව විනාශයට පත් දේවස්ථාන යළි පිළිසකර කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදනයන් ද රජය විසින්මේ වන විට ලබා දී තිබෙන බව කී අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථාන ගොඩනැගිල්ල පුළුල් කරලීම උදෙසා වරාය අධිකාරියට අයත් පර්චස් 9 ක ඉඩම් ප්‍රමාණයක් ද ලබා දී තිබෙන බව සඳහන් කළේය.

වින්දිතයන්ට වන්දි සහ සහන සැපයීම උදෙසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුල් ම කැබිනට් පත්‍රිකාව අප්‍රේල් 22  ඉදිරිපත් කරන ලද බව කී හෙතෙම  ඊට අප්‍රේල් 25 වන දා කැබිනට් අනුමැතිය ලැබුණු බවද පසුව ඇතිවූ කලබලකාරී තත්වයන් නිසා හානියට පත් මුස්ලිම් දේවස්ථාන පිළිසකර කිරීමටත්, වින්දිතයන්ට සහන සැලසීමටත් අනුමැතිය පතමින් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මැයි 23 වන දා අනුමැතිය ලැබුණු බවද පැවැසීය.



අදහස් (0)

පාස්කු ප්‍රහාරයෙන් මියගිය - අනාථ වූ දරුවන් වෙනුවෙන් අරමුදලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 55 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site