IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් නීතිඥවරයා ගැන තොරතුරු රැසක් හෙළි වේ

ඉන්දිකා රාමනායක

 පාස්කු  ප‍්‍රහාරය සම්බන්ධයෙන්  පසුගිය දිනවල  නීතිඥවරයකු අත්අඩංගුවට ගැනීම  සම්බන්ධයෙන්  සමාජයේ නොයෙක් චෝදනා එල්ල වන බවත් ඉහත  නීතිඥවරයා තම වෘත්තිය සදහා සේවා දායකයකු සමග පැවැත් වු දුරකතන සම්බන්ධතාවත් පදනම් කරගෙන   මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවට   එල්ල වන විවේචන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තරයේ ප‍්‍රතික්ෂේක කරන බව   පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද (19) පැවසීය.

මෙම නීතිඥවරයා අත්අඩංගුවට ගත්තේ ප‍්‍රමාණවත් තොරතුරු, සාක්කි, හා පදනම් කරගෙන  මෙම අත්අඩංගුවට  ගැනීම සිදුකර ඇති බවද  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ පොලිස් අධිකාරි   ජාලිය සේනාරත්න මහතා පැවසීය.

තවද දුරකතන විශ්ලේෂණ ගණනාවක් සිදුකර , දුරකතන විශ්ලේෂණ ආශ‍්‍රයෙන් ආගිය  තැන්වල තොරතුරු  රාශියක් එක්රැස් කරගෙන  මෙම  අත්අඩංගුවට ගැනීම සිදු කළ බවද හෙතෙම කීය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක  ජාලිය සේනාරත්න මහතා මේ බව ප‍්‍රකාශ  කළේ අද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේද  පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   කිසිදු අවස්ථාවක හුදු දුරකතන සංවාදයකට  හෝ හුදු පැමිණිල්ලක් මත  කිසිදු අවස්ථාවක    පුද්ගලයකු අත්අඩංගුවට ගන්නේ නැහැ.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක   පුද්ගලයකුගේ  වෘත්තිය   ඉලක්ක කරගෙන  පරීක්ෂණ කරලා නැහැ. සියලූම පරීක්ෂණ  පරීක්ෂණ සිදුකර නැහැ. අධිකරණය හමුවට ඉදිරිපත් කළ හැකි ප‍්‍රමාණවක් සාක්කි පදනම් කරගෙන ප‍්‍රමාණවක් සාක්කි අනුයාරයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ.

මෙම   පුද්ගලයා බෝම්බකරුවන්  සමග එක්ව යම් යම් කිසි සංවිධාන පිටුවාගෙන එම සංවිධාන ඔස්සේ තරුණ කණ්ඩායම් හරහා අන්තවාදී  පැතිරවීම සදහා කටයුතු  කර ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා. ඒ සම්බන්ධයෙන්  තවදුරටත් විමර්ශන සිදුවෙනවා. එම නිසා    වැඩි තොරතුරු හෙළි කරන්න හැකියාවක් නැහැ.

මෙහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්න වලට  ඔහු ලබා දුන් පිළිතුරු මෙසේය.


ප‍්‍රශ්නය - මෙම නීතිඥවරයා  මීට පෙර ඔහු අත්අඩංගුවට නොගත්තේ යම් කිසි දේශපාලන බලපෑමක් නිසා කියලා සැකයක් තියනවා.

පිළිතුර -   මීට පෙර ඔහු  අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.  එම ප‍්‍රකාශ අනුව හා වෙනත්  සාක්ෂි අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප‍්‍රශ්නය - ඔහුගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇත්තේ  කුමණ කාල වකවානුවක ද

පිළිතුර -  පස්කු  ප‍්‍රහාරයෙන් පසු  මාස 2-3 ඇතුළත ඔහු ගෙන්වාගෙන ප‍්‍රකාශ  සටහන් කරගෙන තිබෙනවා. එම විමර්ශන යම්කිසි අවස්ථාවක අඩපන වෙලා තිබුණා. එම විමර්ශන නැවත ආරම්භ කිරීමෙන් පසු හෙළි කරගෙන තිබු නව තොරතුරු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

ප‍්‍රශ්නය -  මෙම නීතිඥවරයා   අත්අඩංගුවට ගත්තේ  සිද්ධියෙන් වසරට ආසන්න කාලයකට පසුවයි. ඇයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ  ඔහු අත්අඩංගුවට ගන්න ප‍්‍රමාද වුනේ.

පිළිතුර -  මුල් කාලයේ එම විමර්ශන    එක් එක් පැතිකඩ ඔස්සේ   සිදුකර තිබුණා.   එම කාලයේ  පරීක්ෂණ සිදුකළේ   බෝම්බකරුවන් හා  ප‍්‍රහාරයට අනුබල දුන් පුද්ගලයන්   සම්බන්ධයෙන්  පරීක්ෂණ සිදුකළේ. පසුකාලයේ සිදුකළ විමර්ශන අනුව  දෙවන  ප‍්‍රහාරයක් සදහා    සැලසුම් කර තිබෙනවා  ඒ සදහා දෙවන පෙළ කණ්ඩායමක් පුහුණු කර තිබෙනවා කියා.  ඒ ඔස්සේ තමයි නැවත මෙම විමර්ශන ආරම්භ කර තිබෙන්නේ.

ප‍්‍රශ්නය -   මේ මොහොත වනවිට හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන  මොන ආකාරයෙන් ද සිදුකරන්නේ

පිළිතුර -   අපි මේ දක්වා එතුමා අත්අඩංගුවට ගෙන නැහැ.

ප‍්‍රශ්නය - පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තිබෙනවාද .මේ සම්බන්ධයෙන් නොයෙක් මත සමාජ මාධ්‍ය ජාලාවල ප‍්‍රචාරය වෙනවා.

පිළිතුර - පාස්කු ප‍්‍රහාරයට අදාලව  සමාජ ජාලා මත  මුල්කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකන්නේ නැහැ. අපි විමර්ශන කරන්නේ   එළඹෙන කරුණු මත   ,  මේ දක්වා එවැනි   පරීක්ෂණයක් සිදුකරන්නේ නැහැ.

ප‍්‍රශ්නය - මෙම සිද්ධිය සම්බන්ධයෙන්   සැකකරුවන් කී දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවාද

පිළිතුර - සැකකරුවන් 197 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අදහස් (4)

පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් නීතිඥවරයා ගැන තොරතුරු රැසක් හෙළි වේ

සපුමල් Sunday, 19 April 2020 11:11 PM

මෙවැනි ක්‍රියාවන්ට තිත තැබිය යුතුමය. එවැනි ක්‍රියා දැඩි ලෙස හෙලා දැකිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිය හැක්කේ නීතියේ ආධිපත්‍ය රැකුනහොත් පමණි

:       0       0

Nishan Monday, 20 April 2020 12:07 AM

ඡන්දය ඉලක්ක කරගෙන මේ අත්අඩංගුවට ගැනීම් සිදු කරනවා. ඡන්දෙන් පසුව ඇප ලැබෙනවා. චෝදනා නැහැ කියලා පොලීසිය උසාවියටත් කියනවා. නිදොස් කොට නිදහස් වෙනවා. ඕකනේ වෙන්නේ.

:       0       0

ranjith Monday, 20 April 2020 12:25 AM

හෙළිවන තොරතුරු අනුව නියමිත දඩුවම් දෙන්න එහෙම නැතිනම් පලක් නැත

:       0       0

C.K.LANKAPUTHRA Monday, 20 April 2020 01:28 AM

එතකොට මහත්තයෝ රංජන් රාමනායක මහත්තයා අත්අඩංගුවට ගත්තේ හුදු දුරකතන සංවාද මත නෙවෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 442 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site