IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාස්කු දා රාජකාරි පැහැර හැරිය බුද්ධි නිලධාරියා ගෙදර

(ඉන්දිකා රාමනායක)

2019 අප්‍රේල් මස 21 දින පාස්කු ප්‍රහාර මාලාව එල්ල වූ දින රාජකාරි පැහැර හැරී හැරීම සම්බන්ධයෙන් එවකට කටාන පොලිසියේ රාජකාරි කළ බුද්ධි අංශ පොලිස් සැරයන්වරයකු පොලිස්පතිවරයාගේ නියමයෙන් සේවයෙන් පහ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඔහු වෙත පැවරී තිබූ රාජකාරි ඉටුකිරීම පැහැර හැරීම හේතුවෙන් මෙම නිලධාරියාට එරෙහිව මුලික විමර්ශනයක් පවත්වා තිබුණි.

එම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව පොලිස් සැරයන්වරයා ට එරෙහිව විනය කඩ කිරීම, සම්බන්ධයෙන් චෝදනා 12 ක් යටතේ චෝදනා පත්‍ර නිකුත් කර ඇත.

එම චෝදනාවලට මුල් අවස්ථාවේදීම පොලිස් සැරයන්වරයා වරද පිළිගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

 



අදහස් (4)

පාස්කු දා රාජකාරි පැහැර හැරිය බුද්ධි නිලධාරියා ගෙදර

Samitha Senadhi Wijesiriwardhana. Friday, 16 June 2023 07:49 AM

පහත් තැනින් තමයි ජලය ගලා යන්නේ.නැති බැරි අහිංසකයන්ගේ සුළු වැරදිත් මහා ඉහළින් පෙනෙනවා. ඔවුන්ට දඬුවම් ද ඉක්මනින් හා දැඩිව ක්‍රියාත්මක වෙනවා.ඒත් තෝරුන් මෝරුන් තල්මසුන් හට එසේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ඇතුළු තවත් අය පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් ගැන ප්‍රසිද්ධ වේදිකා වලදී ඕනෑතරම් ඉඟි පළ කළ අවස්ථා තිබෙනවා.ඒත් කිසිවෙකු ඔවුන් කැඳවා ඒ පුද්ගලයන් කව්දැයි ඔවුන්ගෙන් තදින් ප්‍රශ්න කළේ නැහැ.අදටත් ඔවුන් කී දේ අඩංගු වීඩියෝ පට සොයා ගැනීමට අපහසු නැහැ. ඒත් සත්‍ය එලිවීම වැළැක්වීමට කුමන හෝ අදුර්ශමාන බලවේගයක් හරස්වී ඇති බව සිතෙනවා.

:       0       12

රිෆාන් Friday, 16 June 2023 08:19 AM

ඔන්න යාන්තම් ඇති, පාස්කු ප්‍රහාරයට අදාලව මහ මොළකරුට දඬුවම් කලා...

:       0       9

Bunny Preena Friday, 16 June 2023 09:25 AM

ඔව් ඔව් .කටාන පොලිස් සැරයන් හැරෙන්න .අනිත් අය 2019 පාස්කු දින හොඳට රාජකාරිය කරලා තියෙනවයි කියලා කාදිනල්තුමාත් මුළු රටවසියනුත් ඕගොල්ලන්ට හොඳට ප්‍රසංශා කරලා තිබුනා

:       0       8

swene Saturday, 17 June 2023 08:28 AM

ඔය ටික කරන්නත් වසර හතරකටත් වැඩියෙන් ගියා නේද...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site