IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය ගැන ජාත්‍යන්තරයට යෑමේ අවශ්‍යතාවක් නෑ

(යොහාන් භාසුර) ‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන බලපෑම්වලින් තොර විනිවිඳභාවයෙන් යුත් පරීක්ෂණයක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතු⁣ෙ මෝපැවසූහ. ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේ ස්වර්ණ ජයන්ති මංගල්‍යයට සහභාගි වෙමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා එසේ පැවසූහ. අවංකව, දේශපාලන බලපෑම්වලට යටවෙලා එක එක අයව ආරක්ෂා නොකර ඇත්ත වශයෙන්ම අවංක නිලධාරීන් හරහා නායකයෝ නායකත්වය ගන්නවා නම් ජාත්‍යන්තරයට යන්න අවශ්‍ය නොවන බවත් විනිවිඳ පෙණෙන ක්‍රමවේද හරහා මේ සියල්ල කළ යුතු බවත් අගරදගුරුතුමා වැඩි දුරටත් සඳහන් කළහ.



අදහස් (12)

පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය ගැන ජාත්‍යන්තරයට යෑමේ අවශ්‍යතාවක් නෑ

ලුම්බිණි Monday, 25 September 2023 06:33 AM

ප්‍රශ්නය තියෙන්නේ පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන බලපෑම්වලින් තොර විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් කරන්නේ නැති එකම නේද?

:       0       3

C.K.Lankaputhra Monday, 25 September 2023 06:53 AM

හිමියනි! ඔබ වහන්සේ තව සැරයක් රැවටෙන්නද මේ හදන්නේ...?

:       2       2

sam Monday, 25 September 2023 07:54 AM

පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන බලපෑම්වලින් තොර විනිවිඳභාවයෙන් යුත් පරීක්ෂණයක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නැත . එය සත්‍ය වේ. ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ නම් එය ශ්‍රී ලංකාවේ පොලිසිය හෝ ආරක්ෂක අංශ සහ ඔවුන්ගේ පරීක්ෂණ පිළිබද රටේ මහජනත්වට පරීක්ෂණ පිළිබද විසවාසය පලුදුවිම සහ පොලිසියේ සහ ආරක්ෂක අංශවල නොහැකියාව පිලිබදව ජාත්‍යන්තරයට කියා පෑමකි. නමුත් සත්‍ය එය නොවේ. ලංකාවේ පොලිසියට සහ අදිකරණයට දේශපාලන බලපෑම් සිදු නොවන්නේ නම් ඔවුන්ගේ රාජකාරිය නිසි අයුරින් සිදුවේ.

:       3       10

krishna Monday, 25 September 2023 08:10 AM

කාදිනල් තුමා විටින් විට වචන වෙනස කලාම අමාරැවේ වැටෙන්නේ සජිත් තුමා

:       0       16

Lloyd Monday, 25 September 2023 11:44 AM

මෙය වචන වෙනස් කිරීමක් නොව චේතනාව පැහැදිලිව ප්රකාශ කිරීමකි. දේශපාලන බලපෑම්වලින් තොර අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ තිබුණේ නම් හෝ සිදු වන්නේ නම් පැහැදිලිවම ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ අවශ්‍ය නොවේ. නමුත් අතීත අත්දැකීම් සහ වර්තමාන රජයේ සැලසුම් අනුව අපට අපක්ෂපාතී පරීක්ෂණයක් බලාපොරොත්තු විය නොහැක.

:       2       2

මැක්ස් Monday, 25 September 2023 08:18 AM

ඔබවහන්සේගේ හිතේ ඉන්න වැරදිකාරයා ඇල්ලුවොත් තමයි ඕක සාධාරණ පරීක්ෂකනයක් වෙන්නේ. ජේවීපී, සජබලාට උවමනා මේක ගොටභය මහතා පිටින් යවන්න. නන්දිකඩාල් පරාජයෙන් පස්සේ ලන්ඩන්, නිව්යෝක්වලටත් අවශ්‍ය ඒක. එකනේ චැනල් 4 විහිළුව එලියට දාපු සැනෙන් ඒක කරේ තියා ගෙන දුවන්න ජේවීපී සජබල සැදී පැහැදී ඉන්නේ. සිංහල බොදු විරෝධීන්ට උවමනා මේක සිංහල බොදුනුවන් පිටින් යවන්න. ඕමල්පේ උන්නාන්සේට ඕන ඔබවහන්සේ කියන ඕනෑම දෙකට එහෙයි කියල කතෝලික චන්ද ටික පාටලී රණවකට අරන් දෙන්න. ඕක තමයි මේ රටේ හැටි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යහපාලන කාලේ ක්‍රියාත්මක උනු ඉතාම දියාරු ප්‍රතිපත්තිය නිසා අන්තවාදීන් තමන්ගේ අරමුණු කරා ගියා කියන එක "ක්‍රිස්ටල් ක්ලියර්" උනත්, එක පිළිගන්න අර යට කී පිරිස කැමති නෑ තමන්ගේ දේශපාලන පක්ෂපාතීත්වය නිසා. රටේ බුද්ධි අංශ 2018 කාලේ වගේ සිට මේ සම්බන්ධයෙන් දීපු ඔත්තු පිලිබඳ නැසූ කන්ව සිටිමින්, වවුනියාවේ, මාවනැල්ලේ, කාතන්කුදියේ වූ සිදුවීම් "සිංහල බොදු අන්තවාදය" යයි තමන් විසින් අටෝ ගත් කෙප්පයකට ලඝු කරමින් සිහින් ලොවක ජීවත් වූ රනිල්, මය්ත්රී ප්‍රමුඛ යහපාලන නඩේ තමයි මේකට වග කියන්න ඕන කියන එක කාදිනල් තුමාටත් වැටහෙන්න ඕන.

:       30       22

Lal Monday, 25 September 2023 09:14 AM

මට නම් දැන් හැමෝම සැකයි...

:       1       7

Nimai Monday, 25 September 2023 09:38 AM

දේශපාලන ඇඟිලිගැසීම්වලින් තොර ස්වාධීන පරීක්ෂණයක් අපේ රටේ අයගෙන් කෙරෙයි කියලා විශ්වාස කළ නොහැකියි.

:       4       26

Asanga samantha Monday, 25 September 2023 10:08 AM

ලන්කාවේ පාස්කු ප්‍රහාරය විතරමද උනේ???

:       9       16

Indika Monday, 25 September 2023 10:26 AM

අගරදගුරුතුමාගෙ කියවිම රට ගන හිතපු එකක් වගෙ. අවංකවම ඒ්ක නම් අඩම්බරයි

:       4       6

Rosa Monday, 25 September 2023 10:45 AM

කාලෙකින් සත්‍යය වැටහෙන, කතාකරන මිනිහෙක් දැක්කා. මැක්ස්, ඔබට ජය...!!! 

:       7       4

fairoos Monday, 25 September 2023 12:09 PM

එහෙම ඔබතුමා කියන විදිහට අපේ රටෙ නායකයෙක් ඉන්නවද? මෙ ඔක්කොම එක වල්ලෙ පොල්.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site