IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාස්කුදා ඝාතකයන්ගේ ලේ ඥාතීන්ට එරෙහි නඩුවට දින

(මනෝප්රිය ගුණසේකර)

පාස්කු ඉරුදින ෂැංගිලා සහ සිනමන් ග්රෑන්ඩ් හෝටල් වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ස්වයං ඝාතක  ඉන්සාෆ් අහමඩ් හා ඉල්ලාම් අහමඩ් ත්‍රස්ත සහෝදරයින්ගේ පියාට සහ  සහෝදරයින් දෙදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්රණය ලබන වසරේ ජනවාරි 27 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (21) නියම කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණ සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.

2019 වසරේ අප්රේල් මස 21 වන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට සහ ඒ හරහා ජාතිවාදී කෝලාහල ඇති විය හැකි බවට තොරතුරු දැන සිටියදී ඒ පිළිබඳව පොලිස් නිලධාරියෙකුට දැනුම් නොදී තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇත.

පොලිස් නිලධාරියෙකුට දැනුම් නොදී සිටීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ දණ්ඩ නීතී සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇත.

මෙලෙස චෝදන ලැබ සිටින්නේ දෙමටගොඩ මහවිල උද්යානයේ  පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් යුසුප් මොහොමඩ් ඊබ්රාහිම් හා ඔහුගේ පුතුන් වන මොහොමඩ් හිජාස් අහමඩ් හා මොහොමඩ් ඊබ්රාහිම් ඉස්මයිල් අහමඩ් නමැත්තන්ටය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වසර 03ක් පමණ රිමාන්ඩ් බාරයේ රඳවාගෙන සිටි කෝටිපති ව්යාපාරික මොහොමඩ් යුසුප් මොහොමඩ් ඊබ්රාහිම් හා ඔහුගේ පුත් මොහොමඩ් හිජාස් අහමඩ් නමැත්තන්ට මීට පෙර අවස්ථාවකදී කොන්දේසි සහිත ඇප මත මුදා හරිනු ලැබුවත් මොහොමඩ් ඊබ්රාහිම් ඉස්මයිල් අහමඩ් නමැති විත්තිකරු මේ වන විටත් රිමාන්ඩ් බරයේ පසුවේ.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින මොහොමඩ් යුසුප් මොහොමඩ් ඊබ්රාහිම්, මොහොමඩ් ඉජාස් අහමඩ්, අධිකරණයේ පෙනී සිටිය අතර තෙවැනි විත්තිකාර මොහොමඩ් ඊබ්රාහිම් ඉස්මයිල් අහමඩ් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

නඩුවේ තෙවැනි විත්තිකරු වන ඉබ්රායිම් ස්මයිල්ට ඇප නියම කරන්නැයි ඔහුගේ නීතීඥයින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සඳහා මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර ඉබ්රායිම් ස්මයිල් නමැත්තා අසනීප තත්ත්වයක පසුවන බව දැනුම් දුන් ඔහුගේ නීතීඥයින් ඒ සම්බන්ධයෙන් වූ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්රණය ලබන වසරේ ජනවාරි 27 වැනිදා පැවැත්වීමට තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා එදින මෙම නඩුව යළි කැඳවීමට නියම කළේය.



අදහස් (2)

පාස්කුදා ඝාතකයන්ගේ ලේ ඥාතීන්ට එරෙහි නඩුවට දින

Bamunuarachchi Friday, 21 October 2022 08:07 PM

ඒ පියාට නේද මන්ත්‍රීකමක් දෙන්න ජෙප්පෝ යෝජනා කර තිබුනේ?

:       0       0

Bamunuarachchi Friday, 21 October 2022 08:12 PM

අනේ පව් කාදිනල් වක්‍රව කියන්නේ පාස්කුදා සහෝදරයින් බෝම්බ පුපුරවාගෙන මරාගෙන මැරුනේ ඝෝඨාභය බලයට පත්කරනන කියලා නේද? මට පව් කියලා හිතෙනවා. අනික් එහෙම හිතෙන්නේ නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site