IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පවුලක නඩත්තුවට 76 දහසක්

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකාවේ පවුලක මේ වසරේ මාසික වියදම රුපියල් 76,124 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ 2023 අලුත්ම වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය.

සමීක්ෂණ දත්ත අනුව ශ්‍රී ලංකාවේ පවුලක මාසික වියදම පසුගිය වසරේ පැවතුණේ රුපියල් 63,820 ක පමණ අගයක බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පවුලක මාසික වියදමෙන් සියයට පනස් තුනක් එනම් රුපියල් 40632ක මුදලක් වැය කිරීමට සිදුව ඇත්තේ ආහාර සපයා ගැනීම සඳහාය. ඉතිරි රුපියල් 35,492 ක මුදල ( මුළු වියදමින් සියයට 47ක්) වැය වන්නේ ආහාර නොවන අවශ්‍යතා සඳහා බවද මහාචාර්යවරයා කීවේය.

මේ අතර ශ්‍රී ලංකාවේ පවුල් වලින් සියයට 60 කගේ මාසික ආදායම 2022 වර්ෂයට සාපේක්ෂව මේ වර්ෂයේදී පහළ ගොස් ඇති බව එම සංඛ්‍යා ලේඛනවල සඳහන් වන්නේ යැයි පවසන අතුකෝරළ මහතා ලංකාවේ විවිධ රැකියා කරන (ශ්‍රම බලකාය) සියයට විස්සකට ආසන්න පිරිසකගේ ආදායමෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් අඩුවී ඇතැයිද ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ පවුල්වල ආහාර නොවන අවශ්‍යතා සඳහා වැයකරන මුදල් වලින් වැඩිම ප්‍රමාණයක් වැය කිරීමට සිදුවී ඇත්තේ ණය ආපසු ගෙවීම සඳහා බවත් එය ආහාර නොවන වියදම්වලින් සියයට 23 ක් බවත් ඔහු කීවේය.

එසේම ආහාර නොවන අවශ්‍යතා සඳහා වැය කරන මුදලින් සියයට 14 ක් අධ්‍යාපනයටද සියයට 15ක් වෛද්‍ය සහ සනිපාරක්ෂක කටයුතු සඳහාද සියයට 13 ක් ඉන්ධන සඳහාද සියයට 10 ක් ඇඳුම් පැළඳුම් සඳහාද සියයට 6ක් ප්‍රවාහන වියදම් සඳහාද වෙන් කෙරෙන බව වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

මේ වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 11.5 ක සෘණ ආර්ථික වර්ධනයක් වාර්තාවීම හේතුවෙන් මේ උද්ධමනකාරී තත්වය මතුව තිබෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (3)

පවුලක නඩත්තුවට 76 දහසක්

සල්ලි Saturday, 17 June 2023 12:37 PM

ආ ඒකට කමක් නෑ. අරගොල්ලන්ට 450,000ක විතර පඩි හම්බෙනවා. අපේ බදු සල්ලිවලින්, එයාලා සැපේ ඉන්නවනෙ ඒ ඇති අපිට...

:       1       7

රනේ Saturday, 17 June 2023 02:52 PM

අපිට මක්කක් වුණාම මොකෝ පනේ..

:       0       4

අනුර Saturday, 17 June 2023 07:15 PM

මෙයාලා ඉන්නේ ගල්යුගේ... අනේ අපි නොදන්නා ආච්චිගේ විජ්ජාව. බොරුබයිලා කියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site