IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පවුලක කෑම වියදම වැඩි වුණ හටි පේරාදෙණිය සරසවියෙන් කියයි

(සුජිත් හේවාජුලිගේ)

රුපියල් හැට තුන් දහසක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක 2019 වර්ෂයේ  මාසික පරිභෝජන වියදම( ආහාර ඇතුළු විවිධ භාණ්ඩ සඳහා වැය කරන මුදල) උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන්  අද වනවිට  රුපියල්  එක් ලක්ෂ දස  දහස් දක්වා  රුපියල් 47000 කින් පමණ  ඉහළ ගොස් ඇතැයි  විශේෂ අධ්‍යයනයකින් පෙනී ගිය බව පේරාදෙණිය  විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය.

රුපියල් දා හතර දහස් පන්සියයක්(14,500ක්) ලෙස පැවති මෙරට  අන්ත දුගී පවුලක 2019 වර්ෂයේ මාසික පාරිභෝජන වියදම උද්ධමනකාරී තත්වය හේතුවෙන් අද වන විට රුපියල් විසි පන් දහස් පන්සියයක් (25,500) දක්වා රුපියල් එකොළොස් දහසකින්(11,000) පමණ වැඩි වී ඇතැයි පවසන මහාචාර්යවරයා මෙම දුගී පවුල් සමාජයට ලක්ෂ  21 ක ජනගහනයක්  ඇතුළත් වන බවද සඳහන් කළේය.

තවද රුපියල් එක්ලක්ෂ අනූ අට දහසක් ලෙස පැවැති මෙරට ඉහළ ආදායම් ලබන පවුලක 2019 වර්ෂයේ මාසික වියදම උද්ධමනකාරී තත්වය හේතුවෙන් මේ වනවිට  රුපියල් තුන්ලක්ෂ  හතළිස් පන් දහසක්  දක්වා රුපියල් එක්ලක්ෂ හතළිස්  දහසකින් වැඩිවී ඇතැයි  ඔහු පෙන්වා දුන්නේය.

එම ඉහළ ආදායම් ලබන පිරිසට ලක්ෂ 20ක  ජනගහනයක් ඇතුළත්  වන බවද වසන්ත අතුකෝරළ මහතා කීවේය.

එසේම  රුපියල් හතළිස් අට දහසක්  ලෙස පැවති මෙරට මැදි ආදායම් ලබන පවුලක මාසික වියදම උද්ධමනකාරී තත්වය හේතුවෙන් මේ වන විට රුපියල් අසූ තුන් දහසක් දක්වා රුපියල් තිස් පන් දහසකින් වැඩිවී ඇති බව එම අධ්‍යයනයේදී  පෙනී  ගියේ යැයිද  මහාචාර්යවරයා පැවැසීය.

මේ අතර පසුගිය 2019 වර්ෂය වනවිට මාසික පරිභෝජන වියදම  රුපියල් ලක්ෂය ඉක්මවූ  පුද්ගලයන් ලක්ෂ විසි එකක් රටේ සිටි අතර එම සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ අසූ හතරක් දක්වා ඉහළ ගොස් ඇත.

මාසික පරිභෝජන වියදම රුපියල් ලක්ෂය ඉක්මවූ  පුද්ගලයන් සංඛ්‍යාව මෙසේ  ඉහළ ගොස් ඇත්තේ ජීවන තත්වය ඉහළ යෑම නිසා  නොව පාරිභෝජන භාණ්ඩවල මිල  ඉතා විශාල ලෙස ඉහළ යෑම නිසා බව පෙනී යන්නේ  යැයි   හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (6)

පවුලක කෑම වියදම වැඩි වුණ හටි පේරාදෙණිය සරසවියෙන් කියයි

podi mole Saturday, 27 August 2022 11:17 AM

මෙහි සඳහන් 'පැවති වියදම්' සලකා බැලීමේදී පෙනීයන්නේ මෙම මහාචාර්‍යවරයා මෙම රටේ ජීවත් නොවූවෙකු බවයි.

:       76       23

ලාමක Saturday, 27 August 2022 04:04 PM

මේ මහාචාර්යතුමා කෙසෙල්කැන් කපලා හොඳ ආදායමයක් උපයන ‌කෙනෙක්. හැමෝම ඒ තුමා වගේ වෙන්න.

:       47       9

ලලිත් අම්බලන්ගොඩ Saturday, 27 August 2022 04:07 PM

මහාචාර්යතුමා ආණ්ඩුවට හිතවත් කෙනෙක් මිස, ජනතාව ගැන සත්‍ය තොරතුරු හෙළි කරන්නෙක් නොවන බව පෙනේ. එදා රුපියල් 100 ට කාපු සාලයින් කිලෝ්වක් අද 1000 යි. තව කියන්න ඕනෑද? රුපියල් 200 ගණන්වලට තිබුණු ග්‍රෑම් 400 පිටිපැකට් එක අද 1120 යි. මහාචාර්යතුමා මෙහෙ කෙනෙක් නම් නොවන හැඩයි...!

:       27       11

උද්ධමනය Saturday, 27 August 2022 06:10 PM

මේ කමෙන්ට්ස් දාල තියෙන 'පොඩිමොලේ-ලාමක-ලලිත්' තුන්දෙනාම ණයට එදිනෙදා ජීවිතය ගැට ගහගන්න අය බව පෙනේ...! උද්ධමනය කියන වචනයේ තේරුම උද්ධ මානයෙන් බලන අය විය හැක...!

:       7       55

podi mole Saturday, 27 August 2022 08:27 PM

උද්දමන කාරයාගේ ලොකු මොලය ගැන අපි අනුකම්පාවෙන් බැලිය යුතුයි.

:       0       0

podi mole Saturday, 27 August 2022 08:28 PM

උද්ධමනය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site