(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
යුදහමුදා සෙබළකුට තියුණු ආයුදයකින් පහරදි තුවාල සිදු කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඔහුගේ බිරිඳ සහ පුතා අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
කැපුම් තුවාල ලැබූ කැකිරාව කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළා වෛද්‍ය ප්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා තලෙයිමන්නාරම පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයෙකි.
මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා සහ යුද හමුදා සෙබළා අසල්වාසීන් වන අතර පෞද්ගලික ආරවුලක් මත මෙම දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කොස්තාපල්වරයා සමග ඇති කරගත් මෙම ආරවුලට එම කොස්තාපල්වරයාගේ බිරිඳ සහ පුතා ද හවුල් වීමෙන් පසු මෙවැන්නක් සිදුවී ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පවුලක්ම එකතුවෙලා හමුදා සෙබළාට පහරදීලා
Anura Friday, 04 August 2023 09:21 AM
මේ වගේ සිදුවීම් දැන් දැන් ගොඩක් ම ලංකාවේ සිද්දවෙනවා , මේවට සම්පුර්ණයෙන්ම වගකියන්නේ ඕනේ ලංකාවේ පොලිසිය , වෙන රටවල මුලදී පොඩි ප්‍රශ්නයකදී උනත් පොලිසියට දැනුම්දුන්නවිට ඇවිත් විමර්ශනය කරලා ප්‍රශ්නේ වින්සදන්ව , නමුත් ලංකාවේ පොලීසය මේ වගේ ප්‍රශ්න වින්සදන්න එන්නේ නැහැ , ගණන් ගන්නෙත් නැහැ , අන්තිමට ඒ මිනිස්සුම ප්‍රශ්නේ විසන්දගන්නවා . එක කෙලවර වෙන්නේ බොහෝවිට මරණයකින්
Bunny Preena Friday, 04 August 2023 02:20 PM
කලකදි යාලු කලකදී විස වෙනවාලු... !