IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොල් සේවකයන්ගේ ආර්ථසාධයකට විද්ද එහි ලිපිකාරිනිය සහ සැමියා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

පොල් වගාකිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලෙන් රුපියල් කෝටි හතහමාරකට අධික මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එහි විෂය ලිපිකාරිණියක සහ ඇගේ ස්වාමිපුරුෂයා ලබන 05 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය අද (25) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පොල් වගාකිරීමේ මණ්ඩලයේ විෂය ලිපිකරු වන මොණරාගල ඔක්කම්පිටිය පදිංචි ආර්. එම්. තමරා දිල්හානි සහ ආර්. ඩී. උපුල් රත්නායක නැමැති අඹුසැමි යුවළකි.

1921 අංක 46 දරන පොල් සංවර්ධන පනත යටතේ පිහිටුවා ඇති පොල් වගාකිරීමේ මණ්ඩලයේ අර්ථ සාධක අරමුදලේ 2015 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වසර හයකට ආසන්න කාලයක මුදල් රුපියල් හත් කෝටි තිස් අට ලක්ෂ තිස් නව දහස් තුන්සිය හැටනවයයි සත තිස් හතක මුදලක් (රු.73,839,369.37) වංචා කළැයි පොල් සංවර්ධන මණ්ඩලය කළ පැමිණීල්ලකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණීජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.

 



අදහස් (0)

පොල් සේවකයන්ගේ ආර්ථසාධයකට විද්ද එහි ලිපිකාරිනිය සහ සැමියා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site