
( රොමේෂ් මධුෂංක)
යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි පොල්වත්තක සඟවා තිබූ රුපියල් කෝටි 5 කට අධික වටිනාකමින් යුතු කේරලගංජා කිලෝ 156 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවසීය.
යුදහමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මන්නරම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරන කාර්යංශ නිලධාරීන් පිරිසක් අරියාලෙයි ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම කේරලගංජා තොගය පොල්වත්තේ සඟවා තිබියදී සොයාගත්තේය.
එහිදී වැඩිදුර සිදුකරන ලද පරික්ෂණවලින් අනතුරුව අදාල කේරලගංජා තොගය රැගෙන ආ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යපනය සහ කිලිනොච්චිය යන ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 39 සහ 44 යන වයස්හි පසුවන්නන් බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල් වත්තකින් කේරලගංජා මතුවෙයි