IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පොල් වගාකරුවන්ට පොහොර දෙන්න ගිවිසුම්ගත වෙයි

(යොහාන් භාසුර)

පොල් වගාකරුවන්ට සහන මිලට ඒඑම්පී පොල් පොහොර දීමේ ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමට රාජ්‍ය පොහොර සමාගමේ දි අත්සන් කළේය

මෙහිදි  රාජ්‍ය පොහොර සමාගම (ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ්) සහ පොල් වගා කිරිමේ මණ්ඩලය අතර මෙම ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම අත්සන් කළේය.

රුසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණූ  එම්ඕපී පොහොර මෙට්‍රික්ටොන් 27,500ක් යොදා ගනිමින් එයට එප්පාවල රොක් පොස්පේට් සහ යූරියා කවලම් කර පොල් සඳහා වු විශේෂිත පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිම රාජ්‍ය පොහොර සමාගම (ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ්) මේ වනවිට  ක්‍රියාත්මක කර තිබේ.

මෙම අවස්ථාවේ දී ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් සහ පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් මෙම පොහොර නිෂ්පාදන යාන්ත්‍රනය, මෙහි ගුණාත්මකභාවය පරික්ෂාකෙරෙන අවස්ථා පිළිබදව එම ආයතනය විසින් ඉදිරිපත් කල අතර මෙහිදි මෙම පොල් පොහොර සඳහා සකස් කරන ලද පොහොර ඇසුරුමද අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදි.

මෙම මිශ්‍රිත පොහොර පොල් වගා කරුවන් වෙත බෙදාහැරිමේ යාන්ත්‍රනය පිළිබඳව ද එම අවස්ථාවේදි සාකච්ඡා සිදු කරන ලදි. මෙම පොල් පොහොර සහනාධාරය ලබා ගැනිම සඳහා පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ඉල්ලුම් පත්‍රයක් සකස් කර ඇති අතර එය ලබාගෙන සම්පුර්ණකොට එහි අදල නිලධාරින්ගෙන් සහතික කර ප්‍රදේශයේ ඇති අදාල බලයලත් ආයතන වෙත ඉදිරිපත් කර පොල් පොහොර සහනාධාරය ලබා ගන්නා ලෙස පොල් වගාකරුවන්ගෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඉල්ලා සිටියේය.



අදහස් (2)

පොල් වගාකරුවන්ට පොහොර දෙන්න ගිවිසුම්ගත වෙයි

Ramani perera Saturday, 22 March 2025 10:53 AM

කුඩා වතු හිමියන්ට ඉතා වටිනා අවස්ථාවක්...!

:       0       4

Rp කරුණාරත්න Monday, 24 March 2025 12:53 PM

හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 777 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2418 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site