IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොල් රා මදින්නා ගසින් වැටී මරුට

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල හෙට්ටිමුල්ල නුගගහපාර ප්‍රදේශයේ  පොල්ගස් අනූවක අතුරක  මල් කැපීමේ කටයුතුවල  නිරතව සිටි පොල්රා මැදීමේ  වෘත්තිකයෙකු  එම අතුරේ  මීටර් 25ක පමණ උස පොල් ගසකින් පයලිස්සා ඇද වැටී  බරපතල තුවාල ලබා බේරුවල  රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොස් වාඩිය මහ වැව ප්‍රදේශයේ පදිංචිව සිටි , ජයලත් පේඩි ඇන්ටනී(65) නමැති විවාහයකයෙකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා  ඊයේ (31) සවස් වරුවේ  පොල්මල් කැපීමට පොල් ගස් අනූවකින්  සමන්විත අතුරෙ  ගසින් ගස  ගමන් කරමින් සිටියදී  86 වෙනි පොල් ගසින් අවාසනාවන්ත ලෙස ඇද වැටී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොල් රා කර්මාන්තයේ හිමිකරු , මරණ පරීක්ෂකවරයා හා පොලිසිය හමුවේ පවසා තිබේ.
මරණකරු මේ වසරේ ජනවාරි මාසයේ සිට  මිය යන තෙක්  බේරුවල හෙට්ටිමුල් ප්‍රදේශයේ  තාවකාලිකව පදිංචි වීපොල් රා මැදීමේ සේවාව කර ඇති අයෙකු බව පොලිසිය කියයි.

 
  

 



අදහස් (2)

පොල් රා මදින්නා ගසින් වැටී මරුට

Lankaputha Thursday, 01 August 2024 11:12 AM

නිවන් සුව ලැබේවා....

:       2       20

shuath Thursday, 01 August 2024 02:49 PM

අතුරෙන් වැටී රා මදින්නන් අනතුරට පත්වීම මේ රටේ බොහෝ කාලයක සිට සිදුවෙන දෙයක්. රා මදින්නන් අතුරට "ආරක්ෂිත පටියකින්" සම්බන්ධ කර තිබීමෙන් මේ අනතුර වළක්වා ගැනීමට පුළුවනි.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site