IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පැල් රකිමින් සිටි අඹුසැමි යුවළ වල්අලි පහරින් මරුට

(පැතුම් දර්ශන සහ රෝහණ චන්ද්‍රදාස)

සිය කුඹුරේ පැල් රකිමින් සිටියදී වල් අලියකු පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ අඹුසැමි යුවළක් වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද(24) අළුයම මියගොස් ඇතැයි කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසිය පවසයි.

කැබිතිගොල්ලෑව,සියඹලාගස්වැව ප්‍රදේශයේදී ඊයේ (23) මධ්‍යම රාත්‍රි දොලහට පමණ මෙම වල් අලි පහරදිම සිදුව ඇති අතර  මියගොස් ඇත්තේ සියඹලාගස්වැව,තිත්තගෝණෑව ලිපිනයේ පදිංචි තෙට්ටුවාගේ තෙන්නකොන්(58) සහ ලේන්සුවාගේ නන්දාවති (58) යන දරුවන් දෙදෙනකු හිමි අඹුසැමි යුවළකි. 

පොලිසිය පවසන්නේ මියගිය යුවළගේ නිවස පිටුපසට මීටර් සීයක් පමණ දුරින් පිහිටා තිබූ කුඹුරක අඩි 12 ක් පමණ උසට කණු සිටුවා සකසා තිබූ පැලක මොවුන් පැල් රකිමින් සිට ඇති බව ය. එහිදී මධ්‍යම රාත්‍රී 12ට පමණ එකවර ම තනි අලියකු මෙම පැලට කඩා වැදී ඇති බව පොලීසිය පවසයි.

අලියාගේ පහරදීමෙන් අඹුසැමි යුවළ ද සමඟ පැල සම්පූර්ණයෙන් බිමට කඩා වැටී ඇති අතර එහිදී මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය කියයි. පසුව ඥාතීන් විසින් සුවසැරිය ගිලන් රථය ගෙන්වාගෙන  කැබිතිගොල්ලෑව රෝහලට තුවාලකරුවන් රැගෙන ගොස් තිබිණි. නමුත් තත්වය බරපතල නිසා ඔවුන් පසුව වව්නියාව මහ රෝහලට මාරු කර යැවීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබුනද පොලීසිය පවසන්නේ එහිදී (24) අලුයම දෙකට පමණ ඔවුන් මියගොස් ඇති බවය.

 



අදහස් (5)

පැල් රකිමින් සිටි අඹුසැමි යුවළ වල්අලි පහරින් මරුට

sugath Saturday, 24 December 2022 05:35 PM

දුප්පත් ගොවීන්ගේ හේන්වලට පැමිණ ඔවුන්ට පහරදෙන වල් අලින්ට වෙඩි තියන්න ඇයි මෙතරම් මැලිවෙන්නේ? ඒ ඈත ගම්වල වෙසෙන මිනිසුන් දුප්පත් නිසාද?

:       12       18

නිමේෂ් Saturday, 24 December 2022 07:16 PM

එහෙම මැරුවොත් ඉතින් අලි ටික එක මාසෙන් ඉවරයි... මොකද මිනිස්සු මිලියන 22ක් හිටියාට අලි ඉන්නේ 5000ක් වගේ ප්‍රමාණයක්නේ...

:       10       15

sarathSaturday, 24 December 2022 10:32 PM

නගරේ ජීවත් වෙන උදවියට ඔකේ අමාරුව කොහොමත් දැනෙන්නේ නැහැ තමයි.

:       7       7

පිටිගල මිලානෝ Saturday, 24 December 2022 08:31 PM

අලින්ව බයකරන්න බල්ලෝ දානව කියලා කතාවක් මේදවස්වල පැතිරෙනවා නේද…

:       0       2

ලුම්බිණි Sunday, 25 December 2022 05:18 AM

අලින්ට වෙඩි තියන එක විසඳුමක් නොවෙයි. අලින්ට වෙන අසාධාරණයක් ගැන පැමිණිලි කිරීමට එම සතුන්ට නොහැක. නමුත් මිනිසුන්ට එය පුළුවන්. අලින්ගේ ප්‍රදේශ වල පදින්චි උනාම ඇති වෙන ප්‍රශ්නයට වෙනත් විසඳුමක් ගෙන ඒම රජය කල යුතු දෙයක්.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 914 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 625 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site