
(ජේ.ඉඳුරුවගේ)
පොල් වගාකිරීමේ මණ්ඩලය වෙත ගිවිසුම් නොමැතිව බදු පදනම මත ලබාදී ඇති ඉඩම් අක්කර 1 ,539 ක් වෙනුවෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත රුපියල් 354,658,614 ක හිඟ බදු අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවකින් අනාවරණය කරයි.
එමෙන්ම මෙලෙස බදු දුන් තවත් ඉඩම් අක්කර 1588 ක් වෙනුවෙන් අයකළ යුතු බදු මුදල කොතෙක්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැතැයිද විගණන කාර්යාලය විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් 2023 ට අදාළව නොබෝදා නිකුත් කර ඇති මෙම විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් 2024.07.05 දින පැවැති රැස්වීමකදී හිඟ බදු මුදල් ගෙවීමට හා ඉදිරියේදී බදු නියමානුකූල කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විසින් පොල් වගා කිරීමේ මණ්ඩලය වෙත දැනුම් දුන් බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විගණන කාර්යාලය වෙත පිළිතුරු ලබා දී ඇත.
2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
885
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පොල් මණ්ඩලයෙන් ඉඩම් කොමිසමට කෝටි 35 ක බදු පොල්ලක්
kamal Koyrala Sunday, 26 January 2025 11:53 AM
මේ සා ප්‍රමාණයක ඉඩම් ලබාගෙන වවපු පොල් කොහේද කියා සොයා බැලිය යුතුයි.