IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොල් පැළ රක්ෂණ ක්‍රමයක් එයි

(අංජුල මහික වීරරත්න)

නව වගාව, නැවත වගාව, යටි වගා ආදී සහනාධාර ක්‍රමය යටතේ ලබා දෙන පොල් පැළ වසර පහක් යන තුරු අඛණ්ඩව අධීක්ෂණය කරමින්  ආරක්ෂා කිරීම සඳහා  පොල් පැළ රක්ෂණය කිරීමේ ක්‍රම වේදයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය හඳුන්වා දී තිබේ.

මෙහිදී රක්ෂණ කාලය දින 15 සිට වසර 1ක් දක්වා වේ. රක්ෂණ වාර මුදල පැළ 1 ක් සඳහා රු.67.50/-වන අතර රක්ෂණ ආවරණය පැළ 1 ක් සඳහා රුපියල් 550 ක් වේ.

පොල් වගා කිරීමේ මණ්ඩලයත්, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස  ක්‍රියාත්මක කරන මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් නියඟය, ගංවතුර, අධික වර්ෂාව, සුළි සුළං, නාය යෑම්, වන අලි හානි, වන සත්ව හානි, අකුණු, පළිබෝධ තත්ත්වයන්ගෙන් පොල් වගාව ආවරණය කරනු ලැබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛ ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් විවිධ වගාවන් සදහා රක්ෂණ යෝජනා ක්‍රම හදුන්වා දෙමින් වගාකරුවන්ගේ අවදානම් කළමනාකරණය  කිරීම නිරන්තරයෙන්ම සිදු කරනු ලබන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්ච් මහතා පැවසීය.

 



අදහස් (3)

පොල් පැළ රක්ෂණ ක්‍රමයක් එයි

Mangala Wednesday, 03 September 2025 02:34 PM

පොල් පැලේකට වන්දිය රු.500 ක් මොනවා කරන්නද? අඩුම ගානේ රු.20000 ක් දෙන්න. ක්‍රමවත්ව වගා කරලා තියෙන වත්තකට පොල් පැලයකට යන වියදම 20000 කට වඩා වැඩියි.

:       1       3

Lalla Wednesday, 03 September 2025 10:21 PM

කලු කුරුමිනි වසංගත තත්ත්වය නිසා පොල් පැල කිසිම ක්‍රථයකින් බේරගන්න බෑ.මහාපරිමාණ කොම්පෝස්ට් නිෂ්පාදනායතනයක ගොම ගොඩවල්වලින් මෙය පැතිරීම සිදුවන බව නොරහසක්. පොල් ක්ෂේත්‍ර නිලධාරීන් කියන කිසිම දේකට ප්‍රශ්නය විසඳන්න බැරිවුනා....

:       0       0

රනේ Thursday, 04 September 2025 06:05 AM

පැලයකට පළමු වසර සඳහා රු 550/- ප්‍රමාණවත්. දෙවන වසර මීට වැඩිවෙයි. හොඳ අලුත් අදහසක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site