
( රොමේෂ් මධූෂංඛ)
යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩියක් රුපියල් 4000 ක මිලකට වෙන්දේසි විය.
සංගානෙයි හින්දු තරුණ සංසදය විසින් මෙම පොර පොල් තරඟය සහ පොල් වෙන්දේසිය සංවිධානය කොට තිබුණි.
එහිදී පොර පොල් තරඟය වෙනුවෙන් විශේෂිත වූ පොල් ගෙඩි කිහිපයක් තෝරාගෙන එම පොල් තරඟකරුවන් වෙනුවෙන් වෙන්දේසි කිරීමට සංවිධයකයින් පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් තෝරාගෙන තිබූ අනෙකුත් සියලු පොල් එක් ගෙඩියක් රුපියල් දහසකට අධික මුදලකට වෙන්දේසි වූ අතර ඒ අතරින් එක් ගෙඩියක් තරඟකරුවන් කිහිප දෙනෙකු ලබාගැනීමට ගත් උත්සහයකදී මෙලෙස රුපියල් 4000 ක මුදලකට වෙන්දේසි විය.
පරම්පරික්ව එන පොර පොල් තරඟය යාපනය ජනතාවගෙන් අමතක නොවීම උදෙසා සංගානෙයි හින්දු තරුණ සංසදය විසින් වාර්ෂිකව මෙලෙස පොර පොල් තරඟයක් පවත්වනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි