
(ගයාන් සූරියආරච්චි)
වසර 11 ක් පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ රදවා සිටි රැදවියකු අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි.
මෙසේ පලාගොස් ඇත්තේ අවුරුදු 54 ක් වන බොරැල්ල, බේස්ලයින් පාර ප්‍ර දේශයේ පදිංචි රැදිවියකු බව පොලිසිය කියයි.
පලාගිය රැදවියා පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේ වගා අංශයේ සේවයේ යොදවා සිටියදී මෙසේ පලාගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම රැදවියා මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවීම සම්බන්ධයෙන් වසර 11 ක් සහ මාසයක් එම සිරකඳවුරේ රදවා සිටි අයකු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd