IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිස් ලොක්කාගේ පුතාගේ රියේ හැපුණු පී.සී මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක )

කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිටියදී අධික වේගයෙන් ධාවනය වූ සුඛෝපභෝගී කාර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී පොලිස් කොස්තාපල්වරයා අද ( 6)අලුයම මියගිය බවරෝහල් පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කුරුඳුවත්ත පොලීසියේ රථවාහන අංශයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල් මනෝජ් ප්‍රියංකර(19498)මහතාය.

මාරක අනතුර සම්බන්ධයෙන්, තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවකු වන 28 හැවිරිදි තරුණයකු කුරුඳුවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට  ගත් මෙම සැකකාර තරුණයා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වූ පොලිස් රෝහලේ සේවය කළ වෛද්‍යවරයකුගේ පුතකු බව පොලිස් ආරංචි මාර්ග කියයි.

 



අදහස් (8)

පොලිස් ලොක්කාගේ පුතාගේ රියේ හැපුණු පී.සී මරුට

මොට්ටපාල Friday, 06 October 2023 08:04 AM

ඇයි අනේ සැකපිට ගත්තා කියන්නෙ කොස්තාපල් මැරුණෙ කාර් එක හැපිල නොවෙයිද කාර් එක හැපුනා නම් මොන සැකයක්ද මේවා ඉතින් අපිටම හොදයි

:       0       16

Bunny Preena Friday, 06 October 2023 09:10 AM

බොහෝම කණගාටුදායක පුවතක්. බොහොම සුන්දර පුද්ගලයෙක්.. ඔහුට නිවන් සුව පතමි.

:       0       10

Deepal Nirosh Friday, 06 October 2023 09:10 AM

ඉගෙන ගෙන විභාග සමත් වෙලා ඉංජිනේරුවෙකු වුණත් පාරේ වටරවුමක දී වාහන පදවන හැටි තාම දැනගෙන නැහැ. මේවාට දඬුවම් කළ යුත්තේ විත්තිකරුට නොව උගත මනා ශිල්පය ලබා දුන් පාසලේ විශ්ව විද්‍යාලයේ හා රියදුරු පාසලේ ඇදුරන්ට.

:       0       8

Asanga Friday, 06 October 2023 09:38 AM

MG සුඛෝපභෝගී කාර් රථ නොවේ...

:       3       8

pissa Friday, 06 October 2023 09:42 AM

95%ක් පරිගණක ඉන්ජිනේරුවෝ කියන්නේ සල්ලිවලට උපාධි ගත්තු අය... ලේසිම උපාධිය තමයි ඒක... හැබැයි පඩි හොඳයි. මෙය මම හිතන්නේ එයාගේ උපාධියට ගැලපෙනම දෙයක් කරලා තියෙන්නේ...!

:       7       10

Rata Perata Friday, 06 October 2023 12:16 PM

අපි බලාගෙන ඉමු මේ ජරාජීර්ණ පොලිසිය නීතිය කරන හැටි

:       0       11

ඉරාන් Friday, 06 October 2023 04:18 PM

අධික වෙහෙස නිසා නින්දයාමෙන් වැඩිහිටියෙක් නිසා ඇතිවූ හදිසි අනතුරකට ඇයි මේ තාත්තා විශ්‍රාමික වෛද්‍යවරයක් කියලා දාලා තියෙන්නේ. හරියට මැක්කගේ කතාව වගේ...

:       0       1

සෙනෙවිරත්න Friday, 06 October 2023 04:22 PM

සල්ලි වලට ගත්තත් මේ රැකියාව කරන්න සුපිරි මොලයක් ඕනෑ. දොස්තරලාට වගේ කටපාඩම් කරල බැහැ. හිතන්න වෙනවා. සමහරුන්ට මේ රැකියාව අනුව හැසිරීම් අමුතුයි. එහෙම යමක් වෙන්න ඇති මෙතැනදී...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site