(ඉන්දිකා රාමනායක)
ධවනය වෙමින් තිබු පොලිස් යතුරුපැදියක් ඉදිරියෙන් බල්ලෙක් පාර හරහා පැනීම හේතුවෙන් එම පොලිස් යතුරුපැදිය අනතුරට ලක් වී විදුලි කණුවක ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරයකු මියගොස් තවත් කොස්තාපල්වරයකු තවාල ලබා ඇති බව පානාමුර පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පානමුර පොලිසියේ දුෂණ මර්දන අංශයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි (71332) ශාන්ත (36) නමැති කොස්තාපල්වරයා බව පොලිසිය පවසයි.
පනාමුර පොලිසියේ දුශණ මර්ධන අංශයේ පොලිස් කණ්ඩායමක් ඊයේ (22) අලුයම මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් යතුරු පැදි වලින් නැවත පොලිස් ස්ථානය වෙත එන අතරේ ඇඹිලිපිටිය මාර්ගයේ පානමුර ප්‍රදේශයේ අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ගමන්ගත් යතුරුපැදියක් ඉදිරියෙන් මාර්ගය හරහා බල්ලෙක් පැනීම නිසා යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයේ විදුලි කණුවක ගැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබු කොස්තාපල්වරුන් දෙදෙනා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ පස්වරුවේ එක් කොස්තාපල්වරයෙක් මියගොස් ඇත.
සෙසු කොස්තාපල්වරයා අසාධ්‍ය තත්ත්වයෙන් තවදුරටත් ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
2025 දෙසැම්බර් මස 18
108
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් යතුරුපැදියට පැන්න බල්ලා කොස්තාපල්ට මරු කැදවයි