IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිස් මුලස්ථානයේ ඉදිරිපිට විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

(ඉන්දිකා රාමනායක)

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති   මයිනා ගෝ ගම හා  ගාලු මුවදොර ගෝඨා  ගෝ ගම   අරගලකරුවන්ට පහර දීමේ  සිද්ධියට සම්බන්ධ හිටපු අගමැතිවරයා ඇතුළු සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට බලකරමින් සංවිධානාය කර තිබු විරෝධතා පා ගමනකට  පොලිස් මුලස්ථානය  ඉදිරිපිටයදී  අද  (9) පස්වරුවේ අවස්ථා කිහිපයකදී ම  කදුළු ප්‍රහාර එල්ල කර විසුරුවා හැරියහ.

පොලිස් මුලස්ථානය ඉදිරිපිට දමා තිබු මාර්ග බාධක ගලවා  ඉවත්   කිරීමට උත්සහ ගත් අවස්ථාවේ  එය වැලැක්වීම සදහා  පොලිසිය ඔවුන් වෙත කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

එම ප්‍රහාරයට අද  (9) දිනට මසක් සපිරීම නිමිත්තෙන්  ගාලුමුදොර අරගලකරුවන්,  අන්තර් විශ්ව විද්‍යාල  ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් , කළාකරුවන්, සිවිල් සංවිධාන , බහුජන සංවිධාන,  සාමාජ  ක්‍රියාකාරීන්  මෙම විරෝධතාව සංවිධානාය කර තිබුණි.

 මෙම විරෝධතාව අද (9) පස්වරු 2.30 ට පමණ කොටුව දුම්රිය ස්ථානයේ දී   ආරම්භ කර තිබු  අතර පිරිස දුම්රිය  පොළ  ඉදිරිපිට  විරෝධාතාවේ  නිරතව සිට පසුව  පොලිස් මුලස්ථානට   දක්වා  ගමන ආරම්භ තළේය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (8)

පොලිස් මුලස්ථානයේ ඉදිරිපිට විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

Demuni Uduwara Friday, 10 June 2022 05:35 AM

සුප්‍රසිද්ධ මැයි 9 කැරැල්ල ඇතිවූයේ අරලියගහ මන්දිරයෙනි. එහෙත් ප්‍රහාරයේ පුරෝගාමියා වූ එහි ප්‍රධාන නිවැසියා වන මහින්ද රාජපක්ෂ තවමත් නිදැල්ලේය!

:       0       0

Bamunuarachchi Friday, 10 June 2022 12:26 PM

සිවුර ගලවා දැම්මානම් ගමන පහසු වෙනවා. දෙන දානයක් කාලා පන්සලට වෙලා බුදියගන්නේ නැතුව රටට පව් දෙනවා. මේ ජෙප්පන්ගේ සිවුරු ැටෑලියන් එක.

:       28       27

වීදිය බන්ඩාරSaturday, 11 June 2022 11:03 AM

හරියටම හරි. තාමත් මිථ්‍යාව. ආවා ඔතන සත්‍යග්‍රහ කරන්න. කිඹුලගේ කටට අත දාලා යාලුකම් පාන්න යන මෝඩයින්. ‌නිකන් සන්දර්ශන පාන්නැතුව ගහනවා නම් ගහමු අකුලෝලා යන්න. නැත්තම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ඉම්මු...!

:       1       7

JAYASEKARASaturday, 11 June 2022 11:14 AM

සහතික ඇත්ත... චීවර දැරුවත් අරමුණ අමතක වෙලා..

:       2       4

ganegodaSaturday, 11 June 2022 02:40 PM

හොම්බට දෙකක් ඇනලා ගෙට ගිනි තියපු දවසට තමයි තේරෙන්නේ..

:       0       5

BamunuarachchiSunday, 12 June 2022 12:35 PM

ජෙප්පෙකුට තදවෙලා වගේ. තේරේවි ටයර් මාල බෙල්ලෙ දාලා ඔලුව කෝටුවක ගහලා අතට දුන්නාම. අපි මේ ගොල්ලෝ පිච්චෙන හැටි 1989 දැක්කා...! 

:       4       3

Chamila Sunday, 12 June 2022 08:09 AM

මේ බමුණුආරච්චි මම කාලයක් තිස්සේ ඔබගේ ඉතා පිළිකුල් සහගත නිරාගමික කමෙන්ට් දුටුවෙමි. ඔබ මේ රටේත් නොමැතිව මේ අප රටේ මිනිසුන්ගේ දුක, කඳුල නොතේරෙන පුද්ගලයෙකි. අද අපි රටක් විදිහට අසරණ කරපු මේ මජර දේශපාලන ක්‍රමයම වෙනස් කරන මේ පුරවැසි අරගලය තවත් ඉදිරියට මොවුන් සියලු දෙනාම පන්නා දමනතුරු පවත්වා ගන්නෙමු...

:       3       2

fairoos Sunday, 12 June 2022 12:13 PM

බමුණා වගේ පිටරට ඉඳගෙන අදහස් ලියන අය ලංකාවේ තත්වේ දන්නේ නැහැ.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site