IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිස් නිලධාරීන්ට පහරදුන් පාසල් සිසුන් 5කට වැඩ වරදී

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ගල්කිස්ස වෙරළ තීරයේදී පොලිස් නිලධාරීන්  දෙදෙනෙකුට පහර දුන් පාසල් සිසුන් පස් දෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි .

පහර කෑ පොලිස් සැරයන් වරයෙකු සහ කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

ගල්කිස්ස වෙරළ තීරයේ ගල්පර සහිත අනතුරුව දායක මුහුදේ බීමත්ව පුද්ගලයන් පිරිසක් අනාරක්ෂිත ලෙස දිය නාමින් සිටින බවට ගල්කිස්ස පොලිස් වෙරළ ආරක්ෂක ඒකකයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී නෑමට නුසුදුසු අනාරක්ෂිත ස්ථානයක සිටි පුද්ගලයින් 6 දෙනෙකු සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි.

එම ස්ථානය දිය නෑමට අනාරක්ෂිත බව සම්බන්ධයෙන් එම පුද්ගලයින් ට අවවාද  කොට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසට නිලධාරීන් දැනුම් දීමක් සිදු කළ අවස්ථාවේදී  අදාළ පිරිස පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ කලහකාරි ලෙස හැසිරී ඇති අතර නිලධාරීන් එම තත්ත්වය පාලනය කිරීමට යාමේදී එම පිරිස පොලිස් නිලධාරීන්ට පහරදී ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 16 සහ හවස අවුරුදු 30 අතර පසුවන රත්මලාන සහ පිළියන්දල  අහුන්ගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

 



අදහස් (5)

පොලිස් නිලධාරීන්ට පහරදුන් පාසල් සිසුන් 5කට වැඩ වරදී

Bunny Preena Monday, 25 September 2023 10:22 AM

උන්ට හොඳක් කරන්න ගිහිල්ලත් එය තෙරුන් ගන්නෙ නැති මෝඩයො ටිකක්. කූඩුව ඇතුලට දාල වෙරි හිදෙනකම් හොන්දට සලකන්ට තියෙන්නෙ.

:       1       40

Mh Mohan Monday, 25 September 2023 11:30 AM

මගේ නම් අදහස ඔවුන් කියන දේ අහන්න නැතුවාම රබර් බුලට්වලින් වෙඩි තියන්න ඕනෑ. ඒකට පොලිසියට රබර් බුලට් ඇති තුවක්කු දෙන්න...

:       0       8

හර්මානිස් Monday, 25 September 2023 12:39 PM

රටට මොකක්ද වෙලා තියෙන්නෙ ඊයේ පෙරේදා අවුරුදු 16ක කොල්ලෙක් වැඩට ගොස් එන කාන්තාවක් දූෂණය කරන්න ගියා කියලා අහන්න ලැබුනා මෙතනත් එම වයසේ එවුන් ටිකක් පොලිස් නිළධාරින්ට ගහල කොහොමද මේ රට හදන්නෙ කියලා හිතන්න අමාරුයි ඇත්තටම මේවා වැඩිවුනේ ගෝල්ෆේස් විරෝධතා මර්ධනය නොකිරීම නිසා කියලා අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා වර්තමානයේ වරදක් කලත් බේරා ගැනීම වැඩිවීමත් හේතුවක් වෙනවා

:       4       8

Bamunuarachchi Monday, 25 September 2023 06:49 PM

පොලිසිය ජනතාව සමග කටයුතු කරන ආකාරය රටවල් පවතින සමාජ ක්‍රමය අතර වෙනස් විය යුතුයි. ඇමරිකාවේ සැකකටයුතු පුද්ගලයෙක් ළඟට යන්නේ Holster එකේ බොත්තම පන්න ගෙනයි... ඉන්දියාවේ කොරෝන කාලේ නීතිය කඩන අයට පොලුවලින් සංග්‍රහ කරපු හැටි අපි දැක්කා. ලංකාවේ ඉස්සර පොලිසිය මෙතුමා ඔබතුමා කියා විහිළුවලින් මිනිසුන් ඇමැතුවේ නැත. ඒ කාලේ පොලිසිය මිනිසුන්ට ගහපු හැටි මම දැක තිබෙනවා. ඒ කාලේ පොලිස් නිලධාරීන් හැඩිදැඩි මිනිස්සුයි. දැන් ඉන්නේ පැරණ්ඩල් වැනි කුරු මිනිස්සු. ඔවැනි පොලිස්කාරයින්ට කොල්ලෝ ගහන එක පුදුම නැහැ. එළුවොත් නිකට පාවී. වරෙන්තු කරුවන් අල්ලන්න යන්නේ පිස්තෝලයක් බැටන් එකක් නැතුව තනි තනිවමයි. එහෙම ගිහිල්ලා ගුටිකාලා එනවා...!

:       0       0

ජේ ජේ Tuesday, 26 September 2023 12:43 PM

උදේ අත් අඩංගුවට ගත්තා... උසාවිය හවස ඇප දුන්නා... ඉතින් ගාණක් නැහැලු ඒ අයට...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site