(රෝෂන් තුෂාර)
බාල වයස්කාර ස්ත්‍රී දූෂණ නඩුවක විමර්ශන උදෘත නීතිපතිවරයාට යොමු කර උපදෙස් ලබා ගැනීමට වසර හතරක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් ලබන 19 වැනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට නොතීසි නිකුත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද(12) නියෝග කළේය.
සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන අවසන්කර නීතිපති උපදෙස් සඳහා නීති කොට්ඨාසයට යවා ඇති බවට නරාහේන්පිට පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව පොලිස්පතිවරයා මගින් මෙම නොතීසිය නිකුත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙසේද පැවසීය.
"2015 සිදුවුනු ස්ත්‍රී දුෂණයක්,පොලිසිය විමර්ශන අවසන් කරලා 2019 දී නීති කොට්ඨාසයට උදෘත යවලා.අද වෙනකන් නීතිපතිවරයාට උදෘත යොමු කරලා, නීති උපදෙස් පතල නැහැ.අවුරුදු නමයක්,"
යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම නොතීසිය නිකුත් කළේය.
සැකකරු සහ අගතියට පත් දැරිය අධිකරණයේ පෙනී සිටීයාය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂකට නොතීසි
දිමුත් Tuesday, 13 February 2024 09:08 AM
ඉතින් නඩු පරක්කු වෙන එක අහන්නත් දෙයක්ද? යුත්කිය පසිඳලන්න අවුරුදු ගණන් යනවානම් එතන යුක්තියක් නැහැ!