IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිස් චෙක්පතක් සොරාගත් සැරයන් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

පොලිස් ත්‍යාග මුදල් වශයෙන්  ලැබී තිබු රුපියල් ලක්ෂ 7ක චෙක්පතක්  වංචනික ලෙස මාරුකර මුදල් ලබාගෙන සිටි පොලිස් පොලිස් සැරයන්වරයකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින්  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගාල්ල පොලිසියේ පාලන අංශයේ මුදල් ගෙවීම් කටයුතු බාරව කටයුතු කළ සමයේ මෙම වංචාව සිදුකර ඇත.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා 2023 වසරේ  අප්‍රේල් මස ත්‍යාග මුදල් වශයෙන් පොලිසියට ලබා දී  තිබු රුපියල් 7,28,150 ක  වෙත්පතක්  සම්බන්ධයෙන් ලේඛණ වල සටහන් නොදා එය වංචනික ලෙස රාජ්‍ය බැංකුවකින් මාරුකර මුදල් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංකය  විමර්ශන සිදුකර  ඊයේ  (21) සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

රජයේ මුදල් සොරකම් කිරීම, පොදු දේපළ  පනත යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බවද  පොලිසිය පවසයි.



අදහස් (4)

පොලිස් චෙක්පතක් සොරාගත් සැරයන් අත්අඩංගුවට

Indika Friday, 22 September 2023 03:54 PM

පොලිසියෙනෙ ලොකුම හොරු ඉන්න...මිනිසුන්ට අමාරුයි ගෙවල්වල ප්‍රශ්න ඉදිරියෙ අසරන වෙනව.. පවු

:       0       7

Piyal weerasinghe Friday, 22 September 2023 03:57 PM

පොලිස් මහත්තයා පොලිසිය පොලිස් කරලා මෙහෙම යනකොට කොහොමද අපි පොලිසියේ පිහිට පතන්නෙ

:       0       7

Nimal Friday, 22 September 2023 06:49 PM

ලක්ෂ 7 නිසා අහු වුණා. කෝටි 7 වුණා නම්..., හැමෝටම බෙදිලා ගිහින්.., අහුවෙන්නේ නැහැ. ඒකයි තියරිය.

:       0       5

කොස්තාපල් පුණ්‍යදාස Saturday, 23 September 2023 05:11 PM

පොදු දේපළ පනත යටතේ ගැනීමට අමතරව සමස්ථ රාජ්‍ය සේවය හා පොලිසිය අපකීර්තියට පත්කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැද්ද? රාජ්‍ය සේවයේ විනය පාලනය කරන්න ආයතන සංග්‍රහයේ රෙගුලාසි තියෙනවා. ඔය ක්‍රියාමාර්ගයට අමතරව ඒවත් ක්‍රියාත්මක කරන්න ඕනෑ. පොලිසිය ඒවා නොකරනවා නම් විගණනයක් කරන අවස්ථාවකදී බලාවි කියලා හිතෙනවා. නොදන්නාකමට අහන්නේ ඇත්තටම හමුදාවේ යුද හමුදා පොලිසිය තියෙනවා පොලිසියේ ඒවාට එහෙම ආයතනයක් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 185 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site