IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිස් කතුන් නාද්දී වහළට නැඟ බැලූ පොලිස් අනංගයා මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස් කාන්තා නිලධාරීනියන් නාන අයුරු එහි වහලයේ තහඩුවක් ඉවත් කර බැලූ බව කියන පොලිස් සැරයන්වරයකු සැකපිට අත් අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

කොළඹ හත මලලසේකර මාවතේ පිහිටි පොලිස් සංස්කෘතික කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන කාන්තා නිලධාරිනියන් නවාතැන් ගෙන සිටින භට නිවසේ ඇති නාන කාමරයේ වහලයට සවිකර තිබූ තහඩුවක් ඉවත්කර නිලධාරිනියන් කිහිප දෙනකු නාන හැටි බැලද්දී අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රභූ ආරක්ෂක අංශයක රාජකාරි කරන  පොලිස් සැරයන්වරයකු මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අවස්ථවේ ඔහු බීමත්ව සිටියේදැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.  

මෙම සැරයන්වරයා ප්‍රබල ඇමැතිවරයකුගේ ආරක්ෂාවට යොදවා සිටින අයකු යැයිද කොළඹ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කාන්තා භට නිවස සමීපයේ ඇති තාප්පයට ගොඩවී ඔහු නාන කාමරයේ වහලයට නැග ඇතැයි පොලිසිය කියයි.

සැකකරු දුටු පොලිස් නිලධාරිනියන් කිහිපදෙනකු මේ බව පොලිස් නිලධාරින්ට පැවැසීමෙන් අනතුරුව එම පොලිස් නිලධාරින් ඔහු අල්ලා ගැනීමට යාමේ දී පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පොලිස් කණ්ඩායම ලුහුබැඳ ගොස් ටොරින්ටන් මාවතේ දී ඔහු අල්ලාගෙන කුරුඳුවත්ත පොලිසියට භාරදී ඇත.

සැකකරු පොලිස් සැරයන්වරයකු බව හෙළිවී ඇත්තේ ඔහු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම්වලදී යැයි එම උසස් පොලිස් නිලධාරියා කීවේය.

 

 



අදහස් (2)

පොලිස් කතුන් නාද්දී වහළට නැඟ බැලූ පොලිස් අනංගයා මාට්ටු

ගමේ එකාලා. Monday, 12 September 2022 08:36 PM

උසස් වීමක් ලබාගන්න හොඳ සුදුසුකමක්... පොලිස්පතිතුමනි, ඔබගේ අවධානය පිණිසයි...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 13 September 2022 11:54 AM

" පොලිස් කතුන් දැක සිතිලා ආදරය .. සැරයන් නැග්ගෙ වහලට දැඩි කෑදරය .. ඉවසා ගන්න නොහැකිව හද පාලනය .. අනඟ රැඟුම් නැත අවසන් නාටකය .. "

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site