IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


පොලිස් අණ නොතැකූ ටිපරයට වෙඩි

( රොමේෂ් මධූෂංක)

යපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වු ටිපර් රථයකට පොලීසිය විසින් සිදුකරන ලද වෙඩිතැබීමකදී එක් අයෙකු තුවාල ලබා ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පැවසීය.

පේදුරුතුඩු පොලිස් නිලධාරීන් පිරිසකට කේරල ගංජා වැලි ටිපරයක ප්‍රවාහනය කරන බවට ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිළධාරීන් පිරිසක් විසින් පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ විශේෂ සෝදිසි මුරකාවල් යොදනු ලැබීය.

එහිදී සැකසහිත ටිපර් රථයක් නැවත්වීමට සිදුකරන ලද නියෝගයකදී වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයේ රියදුරු විසින් පොලිස් අණ නොතකා ධාවනය කළ බවට පොලීසිය පැවසීය.

පසුව මුරකාව් යොදා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාල ටිපර් රථය පසුපස ලුහුබැඳ ගොස් නැවත්වීමට අණ කරද අණ නොතකා ධාවනය කිරීඹ හේතුවෙන් පොලිස් නිළධාරීන් විසින් වෙඩි තැබීම  සිදු කොට ඇත.

පසුව ටිපර් රථයේ රියදුරු ටිපර් රථය නවතා පලා ගොස් ඇති අතර ටිපර් රථය පේදුරුතුඩුව පොලීසිය විසින් පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

වෙඩි තැබීම හේතුවෙන් වෙඩි ප්‍රහාරයකට තුවාල ලැබූ ටිපර් රථයේ රියදුරු පේදුරුතුඩුව මන්දගායි රෝහලට ඇතුලත් වී ප්‍රතිකාර ලබා ඇතැයි පොලීසිය කියයි.

 

 



අදහස් (0)

පොලිස් අණ නොතැකූ ටිපරයට වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site