(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධිරාජ්‍යවාදීන් අද ඔවුන්ගේ යටත් විජිත ප්‍රතිපත්තිය මැදපෙරදිග දී වඩා දියුණු සහ උපායශීලී ලෙසින් ක්‍රියාත්මක කරමින් සිටින බව සමගි ජනබලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී අද (20)පැවසීය.
පලස්තීන භූමිය යටත් විජිතයක් ලෙස අත්විඳින ඛේදවාචකය හා සමාන තත්වයක් ලංකාව සියවස් ගණනාවක් තිස්සේ පෘතුගීසී, ලන්දේසී මෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටතේ අත්විඳි ආකාරය තම සිහියට නැගෙන බවද බාකීර් මාකර් මහතා කීය.
එදා ලාංකික නිදහස වෙනුවෙන් විමුක්ති අරගල කරමින් නැගී සිටි වීර කැප්පෙට්ටිපොළ, පුරන්අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, වාරියපොල හිමි, කුඩාපොල හිමි ඇතුළු විවිධ යුගවල නිදහස වෙනුවෙන් ජීවිත දුන් නිදහස් අරගලයේ වීරවරයන් තම මතකයට එන බවද බාකීර් මාකාර් මහතා සඳහන් කළේය.
එදා ඔවුන්ටත් ”ත්‍රස්තවාදී” හංවඩුව ගසමින් අධිරාජ්‍යවාදීන් ම්ලේච්ඡ මර්දනයක් ක්‍රියාත්මක කළ බව කී බාකීර් මාකර් මහතා ඒ ”ත්‍රස්තවාදී” යන විශේෂණ පදය මහත්මා ගාන්ධිගේත්, මන්ඩෙලාගේත්, යාසර් අරෆාත්ගේත් නම් වලට ඉදිරියෙන් යෙදීමට එදා යුගයේත් අධිරාජ්‍යවාදී බලවේග කටයුතු කළ බව කීය.
ඊශ්‍රායල, පලස්තීන යුද ගැටුමට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන්නැයි ඉල්ලමින් පැවැති සභාව කල්තැබීමේ විවාදය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පලස්තීනය අත් විඳින දුක එදා ලංකාවත් වින්දා
de silva Friday, 20 October 2023 02:43 PM
ඔබතුමාගේ අදහස් මමත් 100% අනුමත කරමි
A Ceylonese Friday, 20 October 2023 03:13 PM
බ්‍රිතාන්‍යයන් යටතේ ලංකාවේ සිටි මිනිසුන් දැන් දූෂිත ශ්‍රී ලංකා දේශපාලකයන් යටතේ සිටි තත්ත්වයට වඩා බොහෝ යහපත් තත්ත්වයක සිටියහ. විදුලිය, පෙට්‍රල්, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල දිනපතා ඉහළ ගියේ නැත. දැන් තරම් දූෂණ අපරාධ තිබුණේ නැහැ.
Bamunuarachchi Saturday, 21 October 2023 06:03 AM
මැට්ටෝ මොන ඉස්කෝලේද ගියේ? සුද්දගේ කාලේ හිටපු ජනගහනය නොවෙයි දැන් ඉන්නේ. තුම්සේ තාම ඉන්නේ Ceylon එකේ අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ. 1971 Ceylon එකේ තිබුණු කර්මාන්ත විනාශ කළා. 1977 දීත් රට විනාශ කලා.
charith Friday, 20 October 2023 03:29 PM
ඔක්කොම පටලගෙන... මෙතැන තියෙන්නේ රජකාලේ දෙයක් නෙමේ, මුලු ලොකේම වසාගෙන යන මුස්ලිම් ත්‍රස්තවාදයට බැටේ දෙන වැඩක්. මෙතුමා අපේ පාස්කු ගහපු වෙලේ හොටු පෙරාගෙන ඇඬුවා.. අපේ ළමයි දන්නේ නෑ. වෙන පූජකයෙක්ට ගරු කරන්නවත් කියකියා. ඒවාට ගත්තු ක්‍රියාමාර්ග මොනවද දන්නේ නෑ...
de silva Friday, 20 October 2023 04:09 PM
අපිත් කොටි ත්‍රස්තවාදීන් කොළඹට බෝම්බ ප්‍රහාර එල්ල කල කියල , උඩින් ගොස් මුළු උතුරම වැනසෙන ආකාරයට බෝම්බ දැමීමක් නොකළෙමු , එසේ කල නම් අදත් අපට යුධ කරමින් සිටීමට සිදුවෙන බව සදහන් කල යුතුය , අපේ හමුදා ඉතා පරිස්සෙමින් අවරුදු 3 පුර සිවිල් වැසියන් බෙර ගනිමින් ත්‍රස්තවාදීන් සමග යුධ කර උතුර බෙර ගත්ත නිසා සිවිල් වැසියන් හමුදාව සමග එකට සිට ගත්තේය , අපට ස්ථිරසාර සාමයක් උදවිය , ඉශ්‍රලය මේ කරන විනාශය නිසා තම ගේදොර , පවුලේ සාමාජිකයන් අහිමිවන පලස්තීන ජාතිකයන් , අනාගතයේදී බුරුතු පිටින් ඉශ්‍රලයට විරුධව සටන් කිරීමට පෙළබිම අනිවාර්යයෙන් සිදු වේවි ,
සමන් Friday, 20 October 2023 05:55 PM
ම්ලේච්ඡ මිනීමරු මුස්ලිම් ආගමක් කරපින්නාගත් හමාස් වැනි ත්‍රස්තවාදීන්ට වීර කැප්පෙටිපොළ, පුරන්අප්පු, වාරියපොල හිමි වැනි දෑ හිතකාමීන් සමාන කරන්න තරම් හිඟන්නෙක් වෙන්න එපා උන්නැහැ... එක්කෝ අරාබියටම යන්න...!
Bamunuarachchi Friday, 20 October 2023 09:24 PM
මේ ගොයියා ඔය කියන්නේ LTTE ත්‍රස්තයෝ හා හමාස් නැතිනම් ඉස්ලාමීය ත්‍රස්තයින් නිසා ජනතාවට වෙච්චි දුක ගැන වෙන්න ඇති...