IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


පොලිසිය රැස්වීම් භූමියෙන් පිට විකාශන යන්ත්‍ර ගලවයි

(යොහාන් භාසුර)

ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය දක්වමින් විපක්‍ෂයේ පක්‍ෂ රැසක සංවිධානයෙන් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී දැන් පැවැත්වෙන ‘මහා ජන හඬ’ ජන රැළිය පැවැත්වෙන භූමියෙන් පිටත තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර පොලිසිය රැළිය ආරම්භ වීමට පැය කීපයකට පෙර ඉවත් කළේය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් සහ රැළිය පැවැත්වෙන ස්ථානයට සමීපව විභාග මධ්‍යස්ථාන පිහිටා ඇති බැවින්, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් එම මධ්‍යස්ථානවල සිසුන්ට බාධා ඇතිවිය හැකි යැයි පවසමින් රැළිය පැවැත්වෙන භූමිය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර යෙදවීමටත් පොලිසිය කටයුතු කළේය.

එම රැලිය පැවැත්වෙන පරිශ්‍රය අවට පිහිටි විභාග මධ්‍යස්ථානවල අද (21) පෙරවරු 8.30 සිට පෙරවරු 11.40 දක්වාත් පස්වරු 2.00 සිට පස්වරු 5.00 දක්වා අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඔවුන්ට බාධා එල්ල නොවිය යැයි පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබුණි.

එබැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී එම පරිශ්‍රය තුළ පමණක් භාවිත කරන ලෙස පොලීසිය සංවිධායකයින්ගෙන් ඉල්ලා තිබුණි.

විභාග සඳහා සහභාගීවන හා විභාග කටයුතු අවසන් කර පිටව යන සිසුන්ට බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙසත් එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් තර තිබුණි.
රැළිය පැවැත්වෙන ස්ථානයේ කොඩි ප්‍රදර්ශනය කිරීමට හෝ ඉඩ නොදුන් බව ද සංවිධායකයෝ පැවසූහ.



අදහස් (18)

පොලිසිය රැස්වීම් භූමියෙන් පිට විකාශන යන්ත්‍ර ගලවයි

Janitha Friday, 21 November 2025 03:20 PM

පුළුවන් නම් මුළු රැස්වීමම තහනම් කරයි. එච්චරට බැරි ජෙප්පන්...

:       101       56

අශෝක Friday, 21 November 2025 03:49 PM

විභාගේ ලියන දරුවන් ගේ දෙමවුපියෝ එකතුවෙලා මුන්ට ගහලා එළවන්න ඕනේ....

:       37       107

How sad Friday, 21 November 2025 04:12 PM

මේ අය පුදුම බයක්නේ තියෙන්නේ... කයිතන් සහ ගෝලයෝ ටික මෙච්චර බය වෙලාද ආණ්ඩුවක් අරන් අවුරුද්දක් වෙද්දී? ඔහෙලාට අන්තිමට ඉතිරි වෙන්නේ 3% සහ ඩෝබිලා ටික විතරයි.

:       75       38

අජන්තFriday, 21 November 2025 04:58 PM

මිනීමරුවන්ට, හොරුන්ට, තක්කඩියන්ට, මැරයන්ට නීතිගරුක මිනිස්සු බයවෙන එක ස්වභාවිකයි.

:       2       2

ගමේ එකාලාFriday, 21 November 2025 05:31 PM

දූෂිත දේසපාලුවන්ට මොකටද බය වෙන්නේ? ඔවුන්ට ඕනේ හැටියට සෙනග ගෙන්වා ගන්න ඕනේනම් සති අන්තයේ තියන්න තිබුණා. ඔවුන් බලයේ හිටපු කාලේ සෙනග ඇද්දුවා. ලන්ගමේට පොලු තිබ්බා. රැස්වීම් කඩාකප්පල්කරා, විදුලිය විසන්ධි කෙරුවා. ඔවුන් එහෙමයි වැඩ කෙරුවේ. එහෙම එකාලා අද සුද්ද වන්තයෝ වෙන්න හදනවා.

:       3       0

ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Friday, 21 November 2025 04:20 PM

ඇයි නජිත්ගේ අශෝක ඊයේ තංගල්ලේ විභාග තිබුනේ නැද්ද?

:       16       23

නිපුණු Friday, 21 November 2025 04:26 PM

මේ රැලිය සංවිධානය කරන අයට අමතක වුණාද විභාග මධ්‍යස්ථාන නොමැති ප්‍රදේශයක් තෝරාගෙන නැත්නම් විභාගය පැවැත්වෙන්නේ නැති දිනයක් තෝරාගන්න.

:       11       20

siyathu Friday, 21 November 2025 04:42 PM

හරක්ට තේරෙනවා ඈ විභාගෙක වැදගත්කම. හොරට නීති විභාග ලියපු අයයි, කුඩු කාරයොයිනේ මුලසුන...

:       16       23

Neel Friday, 21 November 2025 05:11 PM

මේ හොර හැත්තට බයවෙන්න රටේ ජනතාවට පිස්සුද? බයවෙලා ඉන්නේ හොරු ටික... මොකද දන්නවා ඉදිරියේදී අත්වෙන ඉරණම. ඊළඟ මැතිවරණ වලදී යන එන මන් නැතිවෙනවා අනිවාර්යයෙන්ම...

:       3       0

Hafeel Friday, 21 November 2025 05:15 PM

නාමල්ට විභාගයේ අමාරුව තේරෙන්නේ. එයා සීතල කාමරය තුළ... පරිගණක තියාගෙන, නීතීඥ සහාය ඇතුවනේ විභාගයට පෙනී සිටින්නේ...

:       3       1

Siri Friday, 21 November 2025 06:06 PM

" රැස්වීමක් තියලා ආණ්ඩුව බයකරමු " කියලා දිරච්ච ලනුවක් දීපු ලොක්කා හීන් සැරේ ඉන්දියාවට පැනලා ගිහින් කියහන්කෝ. බීපු මිනිස්සුන්ට මාධ්‍යයට "වොයිස් කට්" දෙනකොට ගමයි, රටයි ආණ්ඩුවයි සේරම පැටලිලා. අයියෝ සල්ලි...

:       2       1

BBC Friday, 21 November 2025 06:27 PM

මේවට යන අය තෙල් පෝලිම් වල හිටපු නැති අය වෙන්න. පැය 16 විදුලි කප්පාදුවට පරිප්පු කාපු නැති අය වෙන්න. රට බංකොලොත් කරපු අය කවුද කියලා දන්නේ නැති අය වෙන්න. ඒ කාලෙත් හිටියාලුනේ, සුද්ද ලංකාව අල්ලාගෙන කියලා දන්නේ නැති ගම්මු ටිකක්. මේ වගේ බත් කන හරක් තවමත් ඉන්නවා. වෙන්න රජා ,රජ කරන්න බලාගෙන...

:       4       0

Rasika Friday, 21 November 2025 07:31 PM

තංගල්ලේ රැස්වීම තියනකොට ඒ ලෙවෙල් විභාගය නැවැත්තුවාලු. පුදුම කතා. සෙනඟ නැතිව ත්‍රිවිධ හමුදාව ගෙනැල්ලා, ළමයින්ට ක්‍රිකට් ගහන්න කියන තැන කාලා දැම්මා..

:       1       4

BBC Friday, 21 November 2025 07:56 PM

රට බංකලොත් කරපු සෙට් එක එක මිටට බලාගන්න පුදුමේ කියනේ මොවුන් ආයේ රට ඉල්ලන්නේ රට හදන්නලු නාමල්, බැසිල් නම් භාණ්ඩාගාරේ රුපියල් ට්‍රිලියනයක් තියෙනවා දැකලා කෙල හලනවා.

:       4       1

රනේ Friday, 21 November 2025 08:35 PM

මොනවද මේ වෙන්නේ කියල අදවත් රනිල්ලාට තේරුනේ නැද්ද?

:       1       0

කඩවත හේමසාර හිමි Saturday, 22 November 2025 09:29 AM

රැලිය සංවිධානය කරේ මෝඩ රැළක්...

:       6       1

Gavin Saturday, 22 November 2025 01:16 PM

පච කොටාගේ කුඩු හින්දා නම් ළමයින්ට කිසිම කරදරයක් නැහැ.

:       1       6

Vimal Saturday, 22 November 2025 02:52 PM

පච කොටාගේ රැස්වීම් වලට මුකුත් ගැලෙව්වේ නැහැ නේද? හිරිකිතයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 188 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1145 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site