IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොලීසිය අරලියගහ මන්දිරයේ තොරතුරු ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

අරගලකරුවන් අතර සිටි ප්‍රචණ්ඩකාරීන් විසින් කොළඹ අරලියගහ මන්දිරයේ විනාශ කරන ලද දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පොලිසිය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාට දැනුම්දී ඇත.

කෙසේ වෙතත් සේවක ප්‍රශ්න හේතුවෙන් එම කටයුතු ආරම්භ කිරීමට තවමත් නොහැකිව ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකයෝ විශාල පිරිසක් ජනාධිපති මන්දිරයේ විනාශ වූ දේපළ මොනවා දැයි තහවුරු කරගැනීමේ කටයුතුවල මේ දිනවල නියැලී සිටිති.

ප්‍රචණ්ඩකාරීන් අතින් වැඩිම දේපළ හානියක් සිදුවී ඇත්තේ ජනාධිපති මන්දිරයටය.

ජනාධිපති මන්දිරයේ විනාශ වූ දේපළ සටහන් කර ගැනීමේ කටයුතු තව දින දෙකකින් පමණ අවසන් කිරීමට හැකි වෙතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම කටයුතු අවසන් වීමෙන් පසු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ පිළිබඳ වාර්තාවක් පොලිසියට බාර දෙනු ලැබීමට නියමිතය.

දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව ජනාධිපති මන්දිරයේ වැඩිම හානියක් සිදු වී ඇත්තේ එහි චිත්‍ර ඇතුළු සිතුවම්වලටය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් බාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ශ්‍යාමලී රාජපක්ෂ මහත්මියගේ විශේෂ අධීක්ෂණය යටතේ එහි නිලධාරීහු කණ්ඩායමක් ජනපති මන්දිරයේ දේපළ පරික්ෂා කිරීමේ කටයුතු වල නියැලී සිටිති.

 



අදහස් (2)

පොලීසිය අරලියගහ මන්දිරයේ තොරතුරු ඉල්ලයි

sharm warn Tuesday, 23 August 2022 09:34 AM

අනේ මේ විකාරවලට මුදල් වියදම් කරන්නෙ අරගලය මහා අපරධයක් කියලා ඔප්පු කරන්නනෙ. මේ රටේ මිනිස්සුන්ට ලගදිම කන්න බොන්න වෙන්නෙ ගොල්ෆේස් එකේ තණකොල තමයි. තව ටිකක් ඔහොම ලොකුකම පෙන්නපල්ලකො. ලංකාව දැන් අර්ථික අඝාධයේ පතුලේ ඉන්නෙ කියලා අද දැක්කනෙ. ඇත්තටම පුරාවිද්‍යා ස්මරක සහ ඓතිහාසික වටිනාකමක් තියෙන කෞතුක වස්තු විනශ වෙනවා මුලතිව්, දීඝවාපි, විල්පත්තුව අතුලු තැන් ගොඩක. ඒවට පුරාවිද්‍යා කාරයෝ පය ගහන්නෙවත් නෑ.

:       0       0

විපරමා Tuesday, 23 August 2022 02:04 PM

කටුගෙයි වටිනා පුරාවස්තු ගිලපු බහිරවයා තවම හොයාගන්ඩ බැරිවුණා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site