(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අවිස්සාවේල්ල රෝහල අතර අසල මාර්ගයේ රැඳී සිටි 18 හැවිරිදි තරුණයකු පෙරේදා 14 වෙනිදා සවස කාලයේ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනකු විසින් යතුරු පැදියක නංවාගෙන පැහැරගෙන ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසයි.
මෙසේ පැහැරග ගෙන ගිය තරුණයා ගෙල බැඳී රුපියල් තුන්ලක්ෂ පනස් දහසක් වටිනා රන් මාලය කඩාගෙන එම තරුණයා සතුව තිබූ රුපියල් 600ක මුදලක් ද පැහැරගෙන ඔහු අතරමගදී අතහැර දමා පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා ඔවුන් පැමිණි යතුරු පැදියේ නැගී පලාගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා මේ බව අවිස්සාවේල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
මෙම තරුණයා පැහැරගෙන ගොස් ඔහුගේ රන් මාලය සහ මුදල්කොල්ල කා පලාගිය පලා ගිය පුද්ගලයින් දෙදෙනා ගැන තවම තොරතුරු පොලිසියට ලැබී නොමැත.
අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වා ගෙන යති.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියෙන් කියා තරුණයකු පැහැරගෙන