(ෂේන් සෙනෙවිරත්න)
තැන්නේකුඹුර ඉලුක්මෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කරන අවස්ථාවේදී පොලීසියට සුනඛයන් උසිගන්වා අත් විලංගු සමග පැන ගිය සැකකරුවන් දෙදෙනා මහනුවර මූලස්ථාන පොලිසිය මගින් නැවත අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් දෙදෙනා අතර බලු සංඛ නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ද සිටින බව පොලිසිය කියයි .
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන්ට දමා තිබූ අත් විලංගු කිසියම් ක්‍රමයකට ගලවාගෙන සිටි බවත් එම අත් විලංගු දෙක නැවත භාරදුන් බවද පොලිසිය කියයි .
මහනුවර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් ඉකුත් 25 වැනි දින තැන්නෙකුඹුර ඉලුක්මෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය අවස්ථාවේදී මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගත් විට දරුණු සුනඛයන් දෙදෙනෙකු මුදාහැර පොලිසිය සපාකෑමට සලස්වා අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත් විලංගු ද සමගින් පැන ගොස් තිබුණි .
සුනඛයන් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ මවක පියෙකු සහ දියණියක අත්අඩංගුවට ගෙන හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ලබන 07 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ද එම පෙරටුවටම ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි .
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක සහ මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ .
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියට බල්ලන් උසි ගන්වා පැන ගිය මත් ජාවාරම්රුවෝ මාට්ටු
Lalindra Tuesday, 01 August 2023 10:28 AM
ඔන්න ඔය අත් විලංගු... කිසියම් ක්‍රමයකට ගලවාගත්තු සිද්ධිය ගැන පරික්ෂා කරලා ගලවාගත් අන්දම හොයා ගත්තොත් මේකෙ නාට්ටිමය ගතිය නවත්තලා සැබෑ ස්වරූපය දැකගන්න පුළුවන් වෙයි. නඩුත් බඩුත් හමුදුරුවන්ගේ කියලා එළිවෙයි. පොලිසියයි, මත්කුඩු වෙලෙන්දොයි එකතුවෙලා පෙන්නන නාට්ටි හඳුනාගන්න පුළුවන් වෙයි. සම්මුතියෙන් සාකච්ඡාවෙන් රස්සාවයි ජාවාරමයි කෙරෙන්නේ කොහොමද දැනගන්න පුළුවන් වෙයි. මේ රට හදන්න නම් මුලින්ම පොලිසිය හදන්න තව පොලිසියක් දාන්න ඔනේමයි...