IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලීසියට ඇති චෝදනා පොලීසියම නැතිකර ගත යුතුයි

(ඩයනා උදයංගනී)

මත්ද්‍රව්‍ය නැති කිරීමට නම් පොලීසියේ ඇතැම් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඇති සබඳතා නැවැත්විය යුතු යැයි මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

ඇතැම් නිලධාරීන් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අයගෙන් විවිධ දෑ ලබාගන්නා බවත්, වැරදි ආකාරයෙන් ලබාගන්නා දේ නිසා තමන්ට නැතත් දරුවන්ට හෝ අවැඩක් විය හැකි බැවින් එලෙස නොකරන්නැයි තමන් ඔවුන්ට දැනුම් දෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ඉකුත් දා පැවති දීපව්‍යාප්ත පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සම්මන්ත්‍රණය අමතමිනි.

ගෙවුණු මාස 8 ක කාලයේදී තමන් සියලු පොලිස් නිළධාරීන්ට පැවති උසස්වීම්, දීමනා ඇතුළු ගැටලු විසඳූ බවද ටිරාන් අලස් මහතා පැවසීය.

ඇතැම් නිලධාරීන් පරීක්ෂා කිරීම්වලට (සබිචැජඑසදබ)  ගොස් සාද පවත්වන බවත්, එයින් පරීක්ෂාකිරීම් සහ සාද යන දෙකම නිසි ලෙස නොවන බවත් කී ඇමතිවරයා එවැනි දෑ නොකළ යුතු බව ද කීවේය.

පොලීසිය සම්බන්ධයෙන් තමන්ට විවිධ පැමිණිලි ලැබෙන බවත්, “වැඩිම හොරු ඉන්නෙ පොලිසියේ, පගා ගහන්නේ පොලිසිය” යනුවෙන් ජනතාවගෙන් එල්ල වන චෝදනා නැතිකරගත යුත්තේ පොලීසියම බවත් ඇමතිවරයා කීවේය.



අදහස් (4)

පොලීසියට ඇති චෝදනා පොලීසියම නැතිකර ගත යුතුයි

sharm warn Wednesday, 25 January 2023 04:52 PM

පොලිසියම නැතිකරලා දැම්මා නම් වැඩේ හරි. පාලකයින්ගේ සපත්තු ලෙවකන එකට එහා දෙයක් කෙරෙන්නේම නෑ..

:       0       12

ganegoda Wednesday, 25 January 2023 05:42 PM

පොලිසියට සිය රාජකාරි කටයුතුවලට තියන ගරුත්වය නැතිවෙලා තියෙන්නේ... පාලනයේ සිදුවන ජඩකම් නිසා නේද?

:       0       11

Sunil Wednesday, 25 January 2023 08:54 PM

පොලිසියත් එකයි, ඇමැතියත් එකයි. කරන්නේ පාලකයින්ගේ සපත්තු ලෙව කෑම...

:       0       0

Perera Thursday, 26 January 2023 03:53 AM

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිවුවම සමහර දේශපාලුවොත් ඇතුලත් නේ .උන්ට ආරක්ෂාව සපයන්නේ පොලිසිය නේ .මේවා නිකන් බොරු මාධ්‍ය සංදර්ශන

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site