IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොලිස්පති අභියාචනාධිකරණයට කැඳවයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

සාමකාමී අරගලකරුවන් රැදීසිටි බව කියන ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අභියාචනාධිකරණය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතාට අද නියම කළේය.

2022 මැයි 09 වැනිදා ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන්  පොලිස්පතිවරයා ඇතුළු පොලිසිය වගකිව යුතු බවට මානව හිමිකම් කොමිසමද නිර්දේශ කොට ඇතැයි කියමින් ක‍්‍රියාකාරී අරගලකරුවකු ගොනුකර තිබූ රිට් පෙත්සමක් සළකා බැලීමෙන අනතුරුව එලෙස නියම කරමින් අභියාචනාධිකරණය එලෙස නොතිසි නිිකුත් කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු එලෙස නොතිසි නිිකුත් කළේය.

ක‍්‍රියාකාරී අරගලකරුවකු වන ජනක් එස්. විතාරණ මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතවරයා සහ නීතිපතවරයා, ඇතුළු පිරිසක් නම් කොට ඇත.

2022 මැයි 09 වැනිදා ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ක‍්‍රියාකාරී අරගලකරුවකු වශයෙන් කටයුතු කළැයයි කියන පෙත්සම්කරු සංවිධානාත්මක පිරිසක් පැමිණ අරගල භූමියට පහරදී ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා කළත් පොලිසිය එය වළක්වා ගැනීමට නිසි පියවර නොගත් බව පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කොට ඇත.

පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල රිට් පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළේය.



අදහස් (2)

පොලිස්පති අභියාචනාධිකරණයට කැඳවයි

Perera Tuesday, 01 August 2023 05:25 AM

රූකඩය වගේම රූකඩය නටවපු අයවත් ගෙන්නන්න ඕනෑ.

:       0       0

Bamunuarachchi Tuesday, 01 August 2023 09:26 AM

අරගල කරුවන්ගේ කිසිම සාමකාමී බවක් අපි දැක්කේ නැහැ. පොලිසියට ගහන්න බැරි නිසා 1983 ආදර්ශයට ගෙන මිනිස්සු ලවා ගැස්සුවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site