(සුජිත් හේවාජුලිගේ )
ප්‍රචණ්ඩකාරීන් විසින් ඉකුත් මැයි මස 9 වෙනිදා මැති ඇමැතිවරුන්ගේ නිවාස ඇතුළු වටිනා දේපළ විනාශ කරනු ලැබීමේ සිද්ධියේදී නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකළේ යැයි චෝදනා කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් වහාම ආරම්භ කිරීමට උපදෙස් දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තුන්වෙනි වතාවටත් පසුගිය සතියේදී ඉල්ලීමක් කර ඇත.
මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් සතියේ පැවති ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් දැඩිව ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම ප්‍රමාදවීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දෝෂාරෝපණය කර ඇතැයිද දැනගන්නට ඇත.
ප්‍රචණ්ඩකාරී මැති ඇමැතිවරුන්ගේ නිවාස වලට පහර දීම ආරම්භ වූ අවස්ථාවේ දී පොලිසිය නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නම් ඒ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට පැහැදිලිවම හැකියාව තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම්දී ඇත. මේ අනුව පොලිස් ප්‍රධානීන් එදින නියෝග දීමේදී බරපතළ ප්‍රමාදයක් සිදු වූ බව එම මන්ත්‍රීවරුන්ගේ අදහසවී ඇත.
ප්‍රචණ්ඩකාරීන් විසින් කරන ලද පහරදීම් හේතුවෙන් මැති ඇමැතිවරුන් අසූවකට ආසන්න පිරිසකගේ නිවාස ඇතුලු දේපළ විනාශයට පත්විය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පොලිස්පතිට විරුද්ධව පොහොට්ටුවෙන් ජනපතිට පැමිණිල්ලක්
ganegoda Saturday, 08 October 2022 01:36 PM
රටක් විනාශ කරපු රාජපක්ෂලා පොහොට්ටුවෝ, ගෙයක් විනාශ කළැයි කියලා නඩුදානවලු...! අරුම පුදුම රාජපක්ෂලා...!
ravin Saturday, 08 October 2022 04:42 PM
සහතික ඇත්ත. ඔවැනි විනාශයක් කිරීමට මුල්වුණු අයගේ ඔලුකටු කුඩුවෙන්න මුලදීම තියලා ඉවර කළානම් අද රට ගොඩ... තව තව හොරකම් කරන්නේ නැහැ.
fairoos Sunday, 09 October 2022 12:51 PM
රටම හොරාකාපු සල්ලි වලින් හදපු ගෙවල් හරිනම් රාජසන්තක කරන්න ඕන