(රංජන් කස්තුරි)
කල්බදු සමාගම්වලට ගනු දෙනුකරුවන්ගේ වාහන බලහත්කාරයෙන් අත්පත්කර ගත නොහැකි බවට පොලිස්පතිවරයා නව නීතියක් පනවා තිබයදීත් සීසර්වරුන් නැවතත් පොලිසියේම සහයෙන් වාහන අත්පත්කර ගනිමින් සිටින බව ලීසිං හා ණය වාරික ගෙවන්ගේ සංගමය චෝදනා කරයි.
ඉතා මෑතකදි රටපුරා පොලිස් ස්ථාන 50කට අධික ප්‍රමාණයක් පොලිස්පතිවරයාගේ නව නීතිය සහ 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත උල්ලංඝනය කර වාහන පැහැර ගෙන ඇතැයි ද ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා කීය.
පොලිස්පතිවරයා නව නීතිය පැනවූ පසුව මාස කීපයක් තුළ වාහන පැහැරගත් සීසර්වරුන් අත්අඩංගුවට ගත් නමුත් මෑතක සිට පොලිසිය සීසර්වරුන් අත්අඩංගුවට නොගෙන නඩු පැවරීමක් පමණක් කරන බව ද අසංක රුවන් පොතුපිටිය මහතා පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස්පතිගේ නියෝගයට සීසර්වරු පයින් ගසති