
(සුජිත් හේවාජුලිගේ)
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවනු ලැබ සිටින නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් සමග කතා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ රැඳවුම් නියෝග මත සිටින සැකකරුවකු සමග දුරකථනයෙන් කතා කිරීම නීති විරෝධී බැවින් ඒ අවස්ථාව නොදුන් බවයි.
වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දුරකථනයෙන් අමතා රනිල් වික්‍රමසිංහ මහතාට පිල්ලෙයාන් සමග කතා කිරීමට අවස්ථාව සලසා දෙන්නැයි ඉල්ලා තිබිණ.
කෙසේ වෙතත් හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට පිල්ලෙයාන් හමුවීමට අවස්ථාව ලබා දී ඇත.
තමා ඔහුගේ නීතිඥයා වන හෙයින් සිවනේ සතුරේ චන්ද්‍රකාන්තන් සමග කතා කිරීමට අවස්ථාව දෙන්නයි ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ලෑස්ති වුනේ පිල්ලෙයාන්ගේ කට වහන්නද…? කට මහන්නද…?
කැබිතිගොල්ලෑවේ බෝම්බය ගැන පිල්ලෙයාන් කට අරින්න හදනවා කියන්නේ ඇත්තද…?
විශේෂයෙන් කියන්ටෝනේ මම මේ බයෙන් නෙමෙයි හම්බෙන්න ඇහුවේ. අවුරුද්දේ තෑගි මොනවා හරි දෙන්න යන්න හින්දා තමා ඒ අර අල්ලස් එකටත් නොගිහිං මෙයා බලන්න යන්න හැදුවේ.
සිංගප්පූරුවේ අර්ජුන්ට කතාකරනවා වගේ ලේසි නෑ නේද? ලංකාවේම ඉන්න කෙනාට කතාකරන එක..?
දැන් මේ හිටපු රාජ්‍ය ඇමැතිතුමා රැඳවුම් නියෝග මත ඉන්නේ පුද්ගල අතුරුදහන් කිරීමක් සහ ඝාතනයක් සම්බන්ධව. එතකොට ෆෙරාරි සීයා කතාකරලා අහන්න හදන්නේ මේ අතුරුදහන් කිරීමෙයි, බටලන්දේ අතුරුදහන් සහ ඝාතන කිරීම්වලයි ඇති සමාන-අසමානකම් ගැනද? කොහොම වුණත්, එක වර්ගයේ කුරුල්ලෝ එක අත්තේ වහනවා කියන කතාව මතක්වුණා පුවතයි, පින්තූරෙයි දැක්කාම...
කවුරු කවුරුත් එකතුවෙලා ගහපු ගැට එළිවෙන්නේ මාලිමාව දිනපු නිසා.