
(ඉන්දික අරුණ කුමාර සහ ප්‍රසාද් ජයකොඩි)
සිය පාද උපයෝගි කර ගනිමින් කඩු 12 ක් මත රදවන ලද දෙහි ගෙඩි 99 ක් විනාඩියක් තුළ දී කපා ලෝක වාර්තාවක පිහිටුවීමට මාතලේ - පල්ලේපොල ප්‍රදේශයේ තරුණයෙකු සමත්විණි.
පල්ලේපොල නගරයේ පදිංචි ජේ.ජි. මතීෂ ප්‍රභාත් තිලකරත්න(27) නම් තරුණයා රාජ්‍ය නිලධාරින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම ලෝක වාර්ථාව පිහිටුවීය.
‘සැමට සෙත‘ පදනමේ නිර්මාතෘවරයාද වන තිලකරත්න මහතා ජෙතීර්වේදය සම්බන්ධයෙන් උපාධි ධාරියෙක් ද වෙයි.
පාද ආධාරයෙන් කඩු දොලහක් මත සවිකර තිබු දෙහි ගෙඩි 99 ක් කපා ලෝක වාර්තාවක් තැබීම අධ්‍යනය කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන සෙරන්ඩිබ් ආයතනයයි.
මේ සදහා විශේෂ සහතික පත්‍රයක් ද සෙරන්ඩිබ් ආයතනය මගින් තිලකරත්න මහතාට ලබා දී තිබේ.
පල්ලේපොල ප්‍රදේශිය ලේකම් ටි.ජි.පතිරාජ මහත්මිය,පල්ලේපොල කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ ඩි.ජි.එන්.කුලතුංග, මහවෙල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පාලිත ජයරත්න මහත්වරු මෙන්ම රාජ්‍ය ආයතන රැසකගේ නිලධාරින් මෙම අවස්ථාවට සහාගී වී සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ස්ප්‍රේ කෑන් එකෙන් ගිනි අවුලන එකාටත් රෙකෝඩ් එකක් තියන්න තිබුන....
මේ මොන වාර්තාද?
ගිනස් වාර්තා පොත ඇතුළත් කරන්න බලන්න
සිනා සාගරයක්.. උපාධියකුත් තියෙනවාලු... රාජ්‍ය සේවකයන් ගොඩක සහභාගි වෙලා. රාජකාරි වෙලාවේ මේ වගේ දේවල් කරනවට ප්‍රෙමා්ෂන් දෙන්න ඕනෑ. පඩි වැඩි කරන්න සහතිකයකුත් ලැබිලා.