(රොමේෂ් මධුෂංඛ)
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය, පලෙයි මුල්ලියඩි ප්‍රදේශයේදී ලංගම බස් රථයක් අද (21) සවස පෙරලීයාම හේතුවෙන් මගියකු මිය ගොස් තවත් 20 දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.
ත්‍රීකුණාමලයේ සිට මුලතිව් හරහා යාපනය බලා ධාවනය වූ ලංගම බස් රථයක් අද (21) සවස 6 ට පමණ මෙලෙස අනතුරට ලක්වීමෙන් පෙරලී ගොස් ඇත.
බස් රථයේ වේගය නිසාවෙන් බස්රථය පෙරලී යන අවස්ථාවේදී අඩි 100 ක් පමණ දුරක් ඇදී ගොස් ඇති අතර එහිදී එක් මගියකු බස් රථයෙන් විසිවී එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයිද පොලීසිය පැවසීය.
බස්රථය පෙරලී යන අවස්ථාවේදී එහි ගමන්ගත් මගීන් 20 දෙනකුට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර තුවාල ලැබූවන් පලෙයි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්වයේ සිටි තුවාල කරුවන් 8 දෙනකු කිලිනොච්චිය මහරෝහලට මාරුකොට යවා ඇත.

2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පලෙයි බස් අනතුරින් අයෙක් මරුට : 20කට තුවාල
Bhanuka Thursday, 22 December 2022 10:52 AM
ඉස්සර පුද්ගලික බස් රියදුරන්ට බැන්නාට දැන් ලංගම රියදුරන් පුද්ගලික බස් රියදුරන්ටත් වඩා අසික්කිතයි. පුද්ගලික බස් රියදුරන් පදවන්නේ එක්කෝ තමන්ගේම හරි, නැත්නම වෙනත් කෙනෙකුට අයිති පුද්ගලික බස් රථයක් නිසා ටිකක් ප්‍රවේසමෙන් ධාවනය කරන්නේ. නමුත් ලංගම රියදුරන් ධාවනය කරන්නේ රජයේ වාහනයක් නිසා බස් එකට මොකක් වුණත් ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ.
Bhanuka Thursday, 22 December 2022 10:52 AM
ඉස්සර පුද්ගලික බස් රියදුරන්ට බැන්නාට දැන් ලංගම රියදුරන් පුද්ගලික බස් රියදුරන්ටත් වඩා අසික්කිතයි. පුද්ගලික බස් රියදුරන් පදවන්නේ එක්කෝ තමන්ගේම හරි, නැත්නම වෙනත් කෙනෙකුට අයිති පුද්ගලික බස් රථයක් නිසා ටිකක් ප්‍රවේසමෙන් ධාවනය කරන්නේ... නමුත් ලංගම රියදුැරන් ධාවනය කරන්නේ රජයේ වාහනයක් නිසා බස් එකට මොකක් වුණත් ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ.