IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොලියට ගත් මුදලට දියණිය හිලව් කරලා

(ලක්මී කුඩලිගම)

සිය බිරියද හවුල්කරගනිමින් නිවසේ පවත්වාගෙන ගිය බූරුපොළට පොලිකරුවකුගෙන් ලබාගත් මුදල වෙනුවට තම පාසල්  යන 16 හැවිරිදි දියණිය විකිණු බව කියන පියකු අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලීසියේ ළමා කාන්තා කාර්යංශය කියයි.

අගලවත්ත ප්‍රදේශයෙ පදිංචි මෙම දැරිය පොලීමුදලාලි වසරක පමණ කාලයක සිට අතවරයට ලක් කර ඇතැයිද පොලීසිය කියයි.

පොලීමුදලාලි රහසේ සිසුවියට ලබා දී තිබු ජංගම දුරකතනයක් පුංචි අම්මාට හසුවීමෙන් පසු මෙම අපරාධය හෙළි කරගෙන තිබේ.

දැරිය මාමා අතින්ද මීට වසර දෙකකට පෙර දුෂණයට ලක්වී ඇතැයිද පොලීසිය කියයි.

සැකකාර පියා ඊයේ (30) සවස අත්අඩංගුවට ගැනීමෙන් පසු මාමා සහ පොලී මුදලාලි ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

දියණියන් දෙදෙනකුගේ මවක හා පියකු වන සැකකාර  පියා  තම නිසසේ කාලයක් තිස්සේ රහසිගතව සූදුපොළක් පවත්වාගෙන ගොස් තිබු අතර කලවාන ප්‍රදේශයේ 38 හැවිරිදි විවාහක පුද්ගලයකු මෙම සූදුපොලට  මුදල් පොලීයට දිමට විටින් විටමෙම නිවසට පැමිණ තිබේ.

 සැකකාර පියා බූරුවා ගැසීමට පොලීමුදලාලිගෙන් ලබාගත් මුදල් ගෙන ඒ වෙනුවට තම දියණිය ලිංගික කටයුතු සඳහා යොමුකර  ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි ද පොලීසිය කියයි.

මෙමඅපරාධය සඳහා මවගේ කිසිදු අනුමැතියක් ලැබී නැතයි ද පොලීසිය කියයි.

 

 



අදහස් (8)

පොලියට ගත් මුදලට දියණිය හිලව් කරලා

වසන්ත Wednesday, 31 May 2023 02:09 PM

දියණියන් දෙදෙනෙකුගේ මවක හා පියෙකු වන සැකකාර පියා කිව්වාම මිනිහා ගෑනියෙක්ද? නැත්නම් මිනිහෙක්ද කියලා තේරුම් ගන්න බැහැ අප්පා...

:       1       48

prasanna Wednesday, 31 May 2023 03:38 PM

නමුත් ඔය පැතිවල එළිවෙනකන් පිරිත් සහ බණ යනවා.. මරු බෞද්ධ රටක් තමයි මේක...

:       6       28

Athula Wednesday, 31 May 2023 03:50 PM

මේ ආණ්ඩුව කරෙත් ඕකම තමයි මේ රටේ ඉන්න මිනිසුන්ට...!

:       10       21

aravinda Monarawila Wednesday, 31 May 2023 06:03 PM

පොඩ්ඩක් හොයලා බලන්න තාත්තා රනිල්ගේ අනුගාමිකයෙක්ද කියලා...

:       3       7

ගමේ එකාලා Wednesday, 31 May 2023 06:51 PM

තාත්තෙක් නෙවෙයි තිරිසනෙක්... මාමා අසහනකාරයෙක් වෙන්ඩැති. මේ වගේ අයට රජකාලේ දඬුවම් තමයි දෙන්න ඕනේ...

:       1       8

Sampath Wednesday, 31 May 2023 07:45 PM

දරුවන් අනාරක්ෂිත කරපු මේ වගේ අය දෙමව්පියන්ද? කෙසේ වුණත් දැඩි නීති තුළින් දරුවන් ආරක්ෂා කරගත යුතුයි. මේ විනාශ වෙන්නේ රටේ අනාගතයයි. මේ අපරාධවලට අපි හැමෝම වගකිව යුතුයි.

:       0       4

Piyal weerasinghe Wednesday, 31 May 2023 07:54 PM

මරණ දණ්ඩනය නැති කරපු දා සිට තමයි මේ රටට මෙහෙම ඛේදවාචක දේවල් විඳින්න සිදු වුණේ. ධර්මිෂ්ඨ රජයක් කරලා අපිට ලැබුණු සෙතක් නැහැ...

:       0       6

Bunny Preena Friday, 02 June 2023 11:16 AM

බොහෝ කාලයක් නිවසෙහි මෙවැනි දෙයක් කිරීමට ආධාර, අනුබල දීමේ චෝදනාව යටතේ දැරියගේ මවත් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතුයි. ඇය මෙවැනි දෙයකට අකැමැති නම් පොලිසියට රහසේ ඔත්තුවක් දෙන්න තිබුණා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site