IMG-LOGO

පෑලියගොඩ මාළු කඩ පාළුවට යයි

(මුදිතා දයානන්ද සහ යොහාන් භාසුර)

ඉන්ධන අර්බුදය හා ආර්ථික කඩා වැටීම නිසා තම ව්‍යාපාරයද කඩා වැටි ඇතැයි පෑලියගොඩ මාලු වෙළඳ සංකිර්ණයේ ව්‍යාපාරිකයෝ පවසති.

එහි මතස්‍ය වෙළඳසැල්වල මාලු තොග අඩුවි ඇති අතර එම භූමිය ජන ශුන්‍ය පාලු බිමක් බවට පත්ව ඇති අයුරු එහි කළ සංචාරයකදී දැකගත හැකි විය.

ඉන්ධන අර්බුදය නිසා ධීවරයින්ට මුහුදු යාමට නොහැකි වී ඇති බවද ඒ නිසා මාලු වෙළඳසංකිර්ණය වෙත පැමිණෙන මාලු තොග අඩුවි ඇති බවද මාලු ව්‍යාපාරිකයෝ පවසති.

එසේම මධ්‍යස්ථානය වෙත ලැබෙන මාලු තොග මිලදි ගැනීමට පැමිණෙන වෙළෙඳුන්ගේ සංඛ්‍යාවද ඉන්ධන අර්බුදය නිසාත් මාලු ඉතා මිල අධික වීම නිසාත් ආර්ථික අර්බුදය නිසාත් සීමා ඇති බවද ඔවුහු පවසති.

මධ්‍යස්ථානය වෙත පැමිණෙන වෙළෙඳුන්ද දැන් මිලදි ගනු ලබන්නේ ඉතාමත් අඩු මාලු ප්‍රමාණයක් බවද මේ සියල්ල හේතුවෙන් තමන්ද දැඩි අර්බුදයකට මුහුණ දි ඇති බවද ඔවුහු පවසති.

(ඡායාරූප; ශාන්ත රත්නායක)

 



අදහස් (1)

පෑලියගොඩ මාළු කඩ පාළුවට යයි

janahitha Wednesday, 22 June 2022 11:58 AM

කුණු මාළු අළුත් කර විකුණුවාට දේව දඩුවම් ලැබෙයි.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site