IMG-LOGO

පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ ශීතාගාර පහසුකම් ප්‍රමාණවත් නෑ

(යොහාන් භාසුර)

මෙරට ප්‍රධානම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය ව්‍යාපාරිකයන් සඳහා ප්‍රමාණවත් ශීතාගාරයක් නොමැති බවත් එයට ධීවර අමාත්‍යංශයේ බලධාරීන් වලකිය යුතු බවත් පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළද ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා පැවසීය.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංගමය පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ජයන්ත කුරේ මහතා එසේ පැවසීය.

එම වෙළෙඳ සංකීර්ණයට ටොන් සියයක ශීතාගාරයක් අවශ්‍ය වුවද දැනට ටොන් තුනක ශීතාගාරයක් පවතින බව කී කුරේ මහතා ටෙන්ඩර් ක්‍රියාවලියකින් හෝ පුද්ගලික සැපයුම්කරුවෙකු තෝරාගන්නැයි ධීවර ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ලේකම්වරයා සඳහන් කළේය.

එම වෙළෙඳ සංකීර්ණයේ තොග වෙළදසැල් 157 ක සේවකයින් 1000 ක් පමණ සේවය කරන බව කී ඒ මහතා පැවසුවේ දෛනිකව මත්ස්‍ය කපා ඉවත් කර එකතු වන  අපද්‍රව්‍ය  එක් තැනක ගොඩගසා තිබූ බවත්ය.

පෑලියගොඩ නගර සභාව, ධීවර සංස්ථාව සහ ධීවර අමාත්‍යංශය යන ආයතනවලට එම අපද්‍රව්‍ය ගැටලුවක් බවට පත්ව තිබූ බවත් මේ හේතුව මත ධීවර අමාත්‍යංශයේ ද අනුමැතිය මත මත්ස්‍ය අපද්‍රව්‍ය කොම්පොස්ට් කරන කර්මාන්තශාලාවක් මිලියන 50 ක් වැයකර ඉදිකළ බවත් ඒ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (0)

පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ ශීතාගාර පහසුකම් ප්‍රමාණවත් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 331 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 501 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site