(මනෝප්‍රිය ගුණසේකර)
සොරකම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු නීතීවීරෝධී ආකාරයෙන් රඳවා තබාගෙන කෲර ලෙස පහරදී මරා දැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු නිලධාරීන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මරණීය දණ්ඩණය අද (04) නියම කළේය.
සමස්ථ පොලිසිය කෙරෙහිම මහජන විශ්වාෂය පළුදු වන ආකාරයට විත්තිකරුවන් පිළිකුල් සහගතව කටයුතු කර ඇතැයි පෙන්වා දෙමින් විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය පැනවු විනිසුවරයා මරණීය දණ්ඩනයට අමතරව විත්තිකරුවන්ට වසර 12 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 65000/- බැගින් දඩ නියම කළ අතර පොලිසි පහරදීමෙන් මියගිය පුද්ගලයාගේ දියණීයට රුපියල් ලක්‍ෂ 20 වන්දියක් ගෙවීමටද නියම කළේය.
වසර 18කට පෙර පෑලියගොඩ පොලිසියේදී කළ මෙම අපරාධයට වරදකරුවන්වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්‍ෂවරයකු වශයෙන් සේවය කළ කේ.එල්.චමින්ද කුමාර සහ කොස්තාපල්වරයකු වශයෙන් සේවය කළ (33564) එස්.ඒ.කේ. අනුර ධර්මප්‍රිය වීරවර්ධන නමැත්තන්ටය.
මෙම විත්තිකරුවන් සමඟම මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටි පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලාවුස් දසනායක සහ සැරයන් මොහොමඩ් අදීෂ් නමැත්තන්ය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෑලියගොඩ පොලිසියේ හිටපු දෙකකට මරණ දඬුවම
rathnayake Monday, 04 March 2024 06:06 PM
හරි වටිනා තීන්දුවක්...!
Rathnayake Monday, 04 March 2024 06:08 PM
දෙවරක්ම මගේ ආචාරය...!