IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පෑලියගොඩත් අලුත් වෙයි

(අංජුල මහික වීරරත්න)

බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දෙසැම්බර් මස 31 වැනිදාට පෙර එම සංවර්ධන සැලසුම් ව්‍යාපෘති වාර්තාව තමන්ට ලැබෙන්නට සලස්වන ලෙසද අමාත්‍යවරයා එහිදී කීය.

 ලබන වසර මුලදී පෑලියගොඩ නගර සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමින්  අමාත්‍යරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ පෑලියගොඩ නගරය ප්‍රසන්න පුරවරයක් කිරීමටනම් ජනතාව මුහුණදෙන පීඩාකාරී ගංවතුර තර්ජනය විසඳිය යුතු අතරම ජනතාවගේ නිවාස ගැටළුවද කඩිනමින් විසඳිය යුතු බවයි.

ඒ අනුව පෑලියගොඩ නගරයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල මහල් නිවාස සංකීර්ණ ඉදිකළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  නිලධාරීන්ට උපදෙස් දුන්නේය.



අදහස් (1)

පෑලියගොඩත් අලුත් වෙයි

ගමේ එකාලා Tuesday, 15 August 2023 05:47 PM

කප්පමාට ගසාකන්ඩ හොඳ පොටක් පෑදෙයි වගේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site