IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


පෑලියගොඩට එළවළු ලැබීම සියයට 60 පහතට

(රංජන් කස්තුරි)

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට එළවළු ලැබීම සියයට 60න් පමණ අඩු වී ඇතැයි මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්.එම්. උපසේන මහතා පවසයි.

පොහොර නොමැතිකම හේතුවෙන් ඇතැම් ගොවීන් එළවළු වගාව අතහැර දමා ඇති අතර වගාකරන එළවළු අස්වැන්න අඩුවීමත් නිසා එළවළු ලැබීම අඩුවී ඇතැයි ද ඔවුහු පවසති. 

මැනිං වෙළෙඳපොළට නුවරඑළිය, යාපනය, තංගල්ල, අකුරැස්ස, මහනුවර, මඩකළපුව,කඩුවෙළ, සහ දෙනියාය ඇතුළු දිවයිනේ එළවළු වගාකරන සෑම ප්‍රදේශයකින්ම එළවළු තොග ලැබෙන බව ද මේ දිනවල එම සෑම ප්‍රදේශයකින් ම ලැබෙන එළවළු ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩුවේගෙන යන බව ද උපසේන මහතා සඳහන් කරයි.

එළවළු මිලද අහස උසට ඉහළ ගොස් ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

බෝංචි කිලෝව රුපියල් 550 - 600 අතර මිලකටත්, කැරට් කිලෝව 350 - 400 අතර මිලකටත් , ලීක්ස් කිලෝව රුපියල් 350 කටත් තක්කාල කිලෝව රුපියල් 500 - 600 අතර මිලකටත් රාඹු කිලෝව රුපියල් 200 - 250 ත් අතර මිලකටත් අලෙවි වූ බව ද උපසේන මහතා පවසයි.



අදහස් (11)

පෑලියගොඩට එළවළු ලැබීම සියයට 60 පහතට

Sunil Sunday, 21 November 2021 04:35 PM

සෞභාග්‍ය වාර්තා පිට වාර්තා පිහිටුවයි

:       0       1

පූජා. Sunday, 21 November 2021 05:10 PM

සීත රටවල් වල පවා ඉස්තරම් එළවළු මීට වඩා හුඟක් ලාබයි.. පිරිසිදු, නැවුම් එළවළු නිවසට රැගෙන එන වාරයක් පාසා, මට මතක් වෙන්නේ ලංකාවේ මිනිසුන් විඳින දුක් කන්දරාවයි. හැම පැත්තෙන්ම තැළෙන පොඩිවෙන මිනිසුනේ, දැන්වත් රටේ පාලනයට උගත්, බුද්ධිමත්, ඉදිරි දැක්මත් ඇති අවංක පාලකයන් පත්කර ගැනීමට උත්සුක වන්න. නැත්නම් සිදුවන්නේ ඔබලාගේ දූ දරුවන්ට පවා මේ අපා දුක උරුම වීමයි. මන්ද පෝෂණයෙන් පෙළෙන ජනතාවක් බිහිවෙන පෙර ළකුනු දැන්, දැන් පෙනෙන්නට තිබෙන බවයි මට නම් පෙනෙන්නේ. මේවා දැක, දැක නිහඞව ඉන්න බැරි නිසයි මේ ටිකත් ලිව්වේ...

:       3       56

යෝගා Sunday, 21 November 2021 05:53 PM

ඒළවළු සැපයුම අඩුවීමට ප්‍රධාන හේතුව පසුගිය සති කිහිපය තුළ තිබූ අධික වර්ෂාවයි. විශේෂයෙන් උතුරින් එන එළවළු.. රසායනික පොහොර නොදැම්මා කියලා අස්වැන්නේ 60%ක් අඩු වෙන්න විදියක් නෑ.

:       50       12

sudeshSunday, 21 November 2021 06:46 PM

මොනවා උනත් සර් පාස් කියලා හිතාගෙන ඉන්න රැලක් ඉන්නවා.

:       1       3

PereraSunday, 21 November 2021 11:39 PM

මෙයා ආණ්ඩුවට උපදෙස් දෙන පණ්ඩිතයෙක් වගේ.

:       1       2

Hafeel Monday, 22 November 2021 07:02 AM

බන්දුල ගුණවර්ධනත්, මහින්දානන්දත් මේකමයි කියන්න හිටියේ.

:       1       8

sirisenaMonday, 22 November 2021 07:58 AM

නොදන්නා විකාර කියා කියා මේ කාටද කඩේ යන්නේ? රසායනික පොහොර වලින් කරෙන දේ තමයි අස්වැන්න විශාල ලෙස වැඩි කිරීම , මේ විෂය දන්නා උගත්තු මේ රජයට සැරෙන සැරේ අනතුරු අන්ග්වන්නෙත් ඔන්න ඕක වෙයි කියල තමයි

:       1       10

යෝගා Monday, 22 November 2021 10:59 AM

රසායනික පොහොර වලින් කෙටි කාලීනව අස්වැන්න සුලු වශයෙන් වැඩි උනත් දිගුකාලීනව නොයෙකුත් ආකාර වලින් අස්වැන්න හානිය විශාලයි. දන්න නිසා තමයි කියන්නේ.

:       3       1

Rohana Sunday, 21 November 2021 06:53 PM

මෙවාට නම් බෑම තමයි. අනේ ඉක්මනින් ගෙදර යන්න. අමෙරිකාවටම යන්න. පැත්ත පළාතේ එන්න එපා.

:       0       2

Priyantha Monday, 22 November 2021 04:40 AM

කාබනික පොහොර වගාව ඉතාමත් හොදයි. වස විස නොමැතිව රටේ ජනතාවගේ පැත්තෙන් හොද තීරණයක්. නමුත් පක්ෂ දේශපාලනය කරන අයගේ බලාපොරොත්තුව ජනතාව අන්දවල බලයට එන්නේ කොහොමද කියලා .පසුගිය සතිවල තිබුන අදික වැස්ස මේ එළවලු හිගයට ප්‍රදාන කාරණාවක් . මිනිස්සු ගෙදර හැදෙන කාබනික එළවලු ටික කඩේට විකුණලා රසායනික පොහොර දමපු දේවල් ගෙනල්ල කනවා. 100% කාබනික කොස් ගෙඩිය කපල කහට නැති කරන්න toilet වලට දමන හාර්පික් (Bleaching ) දමල සුදු කරලා විකුණන මිනිස්සු ඉන්න රටක් තමයි ලංකාව. එමනිසා තමන්ට පුළුවන් දෙයක් ගෙදර වගා කරගෙන දැනට කන්න. අපේ රට හදන්න ටිකක් දරදඩු ප්‍රතිපත්තියක් ඕනේ ඒ වගේම මත්දව්‍ය, එක නීතියක් , විනය , නීතිය ,රාජ්‍ය පරිපාලනය ,පාතාලය ,කප්පම් , කාර්යක්ෂමතාවය වැනි දේවල් වලටද ඉක්මනින්න්ම බෙහෙත් ඕනේ .

:       2       6

මසිරිපාලMonday, 22 November 2021 11:27 AM

අනේ ප්‍රියන්ත කවුද සුදු කොස් කන්නෙ. ඒවා නොපැසුනු කොස් කිසිම රසකුත් නැහැ .හොද කොස් තද කහපාටයි නැත්නම් රන්වන් පාටයි. කොස් වලට හාර්ෆික් දමන්නෙ නොයිදී තියාගෙන විකුණන්න. ඒවා විෂයි. රසත් නැහැ සමහරක් අය ඉන්නවා ගෙදර වත්තේ කොස් ඉදි ඉදී යද්දී කම්මැලි කමටත් යාලුවන්ට පෙන්නන්න කොස් වෙළද පොලෙන් ගන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site