IMG-LOGO

පාලම කඩාගෙන කළුගල් ලොරිය ගඟට වැටෙයි

 

(එස්. ඩි. කොඩිකාර)

කොටපොළ මෙදේරිපිටිය පොද්දන යාකරන කිරිවැල්දොළ ගඟ හරහා ඇති පාලමෙන් ගමන් ගත් කළුගල් පැටවූ ලොරි රථයක්  පාලමේ කොන්ක්‍රීට් තහඩුව කඩාගෙන ටිපර් රථය සමඟ අඩි 30 ක් ගැඹුරු ගගට කඩා වැටී ඇතැයි දෙනියාය පොලිසිය කියයි.

අනතුර සිදු වන අවස්ථාවේ ටිපර් රථය කොන්ක්‍රිට් ගල් අඩක් පටවා ගෙන රියදුරු පමණක් ගමන් කර ඇති අතර අනතුරින් රියදුරුට හානියක් සිදු වී නොමැති බව පොලිසිය කියයි .

සිංහරාජයේ සිට පිටදෙණියට ගමන් කළ හැකි පිවිසුම් මාර්ගද මෙය වන අතර මේ හේතුවෙන් සංචාරකයින්,පාසල් ළමුන් ඇතුළු ගම්වාසීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව ගම්වාසීහු පවසති.

දිගින් අඩි 160 ක් පමණ වන මෙම පාලමේ පසු ගිය කාලේ ඇති වූ ගංවතුරට පාලමේ මැද කණුවක් ගගට කඩාගෙන වැටුණු බව ගම්වාසීන් පවසයි .

ඒ හේතුවෙන් එහි වාහන ගමනාගමනය අවදානම් තත්ත්වය පැවති හෙයින් කොටපොළ ප්‍රාදේශීය සභාව මගින් පාලම දෙකොනේ යකඩ බට යොදා වෑද්දුම් කර වාහන ගමනාගමනය නවතා තිබූ බවත් එය පසුව කිසියම් පිරිසක් විසින් කඩාදමා දමා පාලම මතින් අවදානම නොතකා වාහන ගමන් කර ඇති බව කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා කීය.

මේ ස්ථානයේ නව පාලමක් ඉදි කිරීම සඳහා මුල් ගල් තැබීම සඳහා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නිපුණ රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන පෙබරවාරි මස සිදු කිරීමට නියමිතව තිබුණි .

 



අදහස් (4)

පාලම කඩාගෙන කළුගල් ලොරිය ගඟට වැටෙයි

චන්දන Monday, 24 January 2022 07:09 PM

පණ්ඩිතයාට ඒදණ්ඩේ යන්න බෑ. මෝඩ හරක් රැලක්. දැන් අහිංසකයින් අමාරුවේ...

:       0       40

සමන් Tuesday, 25 January 2022 02:52 AM

මේ තරම් භයානක අනතුරු සිදුකරන්න මුල්වුන අය, විෂ්ශයෙන්ම වඩා දැමූ කොටස් බලෙන් ඇර දාපු අයට, පොලිසියෙන් උසාවියෙන් දඬුවම් දෙන්න අත්‍යවශ්‍යයි.

:       0       9

Hafeel Tuesday, 25 January 2022 06:32 AM

මුල් ගල් තැබීම සඳහා ලබන පෙබරවාරි මස සිදු කිරීමට නියමිතව තිබුණි. දැන් කොහොමද? මේවාට නැකත බලල, කල්මරලා කරන පුලුවන්ද? හරියට පෞද්ගලික මුදලින් කරන වගේ.

:       2       9

Bolero Wimal Tuesday, 25 January 2022 07:25 AM

බොහෝ ඉදිකිරීම් වල ප්‍රමිතිය ගැන සිතිය යුතුය. මෙම ලොරිය පාලමේ අනුමත බර ඉක්මවා ගියාද?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site