
(තරංග ගුණරත්න)
වැලිගම පැලෑන මහ ගෙදරවත්ත දුම්රිය හරස් මාර්ගය හරහා ගමනා ගමනයේදී සිදුවන අනතුරුවලින් ජීවිත ආරක්ෂා කර ගැනීමෙි අරමුණින් ගම්වාසීන්ගේ පෞද්ගලික ධනයෙන් දුම්රිය ගේට්ටු මුරකරුවකු යෙදීමේ ගම්වාසීහු කටයුතු කළහ.
දුම්රිය හරස් මාර්ගය හරහා ගමනා ගමනයේදී සිදුවන අනතුරු නිසා වටිනා ජීවිත අහිමිවීම් මෙන්ම බරපතළ තුවාල සිදුවීම් ගණනාවක් වාර්තා වීය. මේ සම්බන්ධයෙන් බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනී ම නිසා මෙම පියවර ගෙන ඇත.
පැලෑන මහගෙදර වත්ත දුම්රිය හරස් මාර්ගය හරහා දෙස් විදෙස් විශාල පිරිසක් දෛනිකව ගමන් කරන අතර ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමෙි අරමුණින් දුම්රිය ගේට්ටු මුරකරුවකු යෙදීමට ප්‍රදේශවාසීහු පියවර ගත්හ.
මෙ සදහා මාසිකව රුපියල් 25,000 ක මුදලක් වැයවන අතර එ සදහා කේ .කේ. ඒ . විරාජ් රංගනාත් , පි.පි. ජි. හසිත එරංග , තිළිණ සේරසිංහ ,චමිලා ප්‍රියන්තී , සහ විදුෂාන් මහතා ඇතුළු තරුණ කණ්ඩායම මෙම උතුම් සත්කාරය වෙනුවෙන් කැපවි සිටි.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැලෑන දුම්රිය හරස් මගට ගමෙන් ගේට්ටුවක්
Samitha S. Aluthgamage Tuesday, 16 May 2023 06:23 AM
දුම්රිය බලධාරීන් හට මිනිස් ජීවිත වල කිසිදු වටිනාකමක් නැහැ.ඔවුන්ට අවශ්‍ය වන්නේ,කසිකබල් දුම්රිය හෝ මැදිරි හෝ යොදාගෙන ගවයන් ප්‍රවාහනය කරනවා මෙන් සිදුකොට මුදල් ඉපයීම පමණි.ප්‍රදේශයේ ජනතාව සිදුකළ මේ අගනා ක්‍රියාව දුම්රිය දෙපාර්තේන්තුවේ හා ඇමතිවරයාගේ ආකායක්ෂමතාව ඔප්පුකොට පෙන්වූ කදිම නිදසුනකි.
Nathalie Tuesday, 16 May 2023 02:48 PM
ඕවට අර 225ම කැමතියි. අපි පොඩි කාලෙ ඩෙස් බන්කු සැපයුවේ රජයෙන්. දැන් අම්මලා දෙනවා. දුම්රිය ගේට්ටුව ප්‍රදේශවාසීන්. . ඉතින් අරුන් ඉන්නෙ අපේ චන්දෙන් ගිහින් අපිවම තම්බන් කන්න විතරයි.
Lahiru Weerapperuma Wednesday, 17 May 2023 07:16 AM
ස්තුති මෙවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් තරැණ පිරිසට. අවදානමක් පවතින අපි යන එන පාරක්.