(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ දී ඉකුත් 13 වැනිදා සිදුවූ අරගලයට අදාළ දර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට ලබා දෙන ලෙසට නියම කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට අද (18) නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග නිකුත් කළේ, මෙම උද්ඝෝෂණයේදී යුද හමුදා සාමාජිකයන් දෙදෙනකුට පරහදී බරපතල තුවාල සිදුකර ජීව උණ්ඩ 30ක් සහිත පතුරම් ගැබ් දෙකක් සහ ටී 56 ගිනි අවි දෙකක් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ සිට කතානායකවරයාගේ නිල නිවස දක්වා වූ මාර්ගයේ නිති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් යුද හමුදා සෙබලුන් දෙදෙනකුට පහරදී තුවාල සිදුකර ඔවුන් සතු ජීව උණ්ඩ 30ක් සහිත පතුරම් ගැබ් දෙකක් සහ ටී පනස් හය වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
ඒ අනුව මෙම විමර්ශනයට අදාළව එම අවස්ථාවේදී රූපවාහිණී නාලිකාවල පටිගත කළ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අවශ්‍යව ඇති බැවින් ඒවා ලබා දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා තිබිණී.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පොල්දූව විරෝධයේ අමු විඩියෝ සී.සී.ඩීයට දෙන්නැයි නියෝගයක්
Siri Tuesday, 19 July 2022 11:00 PM
ආණ්ඩුවේ මැරයන් යොදලා ලයිට් නිමලා නේද ගහන්න සෙට් කලේ? කොහොමද වීඩියෝවලින් හොයන්නේ 'නයිට් වර්ෂන්‘ කැමරා වලින්ද ගත්තේ?