(රෝෂන් තුෂාර)
කුලියාපිටිය පොල් තෙල් ව්‍යාපාරිකයකුගෙන් පොල්තෙල් ලබාගෙන මුදල් වංචා කළේ යැයි කියන මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමි අප්‍රේල් 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද( 21)නියෝග කළේය.
ඒ .ජවික්‍රම පෙරේරා නමැති ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලක් අනුව කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් රුපියල් මිලියන දහයක පොල්තෙල් ලබාගෙන වංචා කිරීමට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
මට්ටක්කුලිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කොන්තෙල් ලබාගෙන වංචාවක් සිදු කළේ යැයි චෝදනා ලැබ සිටින සැකකාර හිමිනමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ අතර සැකකරුව කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (20)කොළඹ මහාධිකරණයේදී අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලකරත්න මහතා ඇතුළු පිරිසක් විමර්ශන පවත්වති.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල්තෙල් වංචාවේ සුමන හිමි රිමාන්ඩ්
විජිත් Thursday, 21 March 2024 06:23 PM
බුදු දහමේ කොහෙද දන්නේ නැහැ පොල්තෙල් බිස්නස් කරන්න කියලා බුදුන් වහන්සේ පවසලා තිබෙන්නේ. " සියල්ල අනිත්‍යයයි තීරණය කරලා ,සාෂණයේ පැවිදි වුනාට...මේ හොර බමුණාට පොල් තෙල් බිස්නස් එකට තිබෙන බැඳීම නැතිකරගන්න අමතකවෙලාද කොහෙද. බුදුන් වහන්සේගේ උතුම් චීවරය වගේ පෙනෙන්නට කහපාට රෙදි කෑල්ලක් පොරවාගෙන ඉන්න මේ අසික්කිත බමුණන් සාසනයෙන් පන්නන තෙක් ඔය සෙල්ලම පවතිනවා.ඕකට අමුඩයක් ගස්සලා පු ** පයින් ගහලා පන්සලෙන් එළවලා දාන්න පන්සලේ දායකයින්ට බැරි ඇයි ? ඒගොල්ලොත් පොල්තෙල් බිස්නස් කරන අයද ? නැත්නම් ඔය බමුණට බයද ? ගරු විනිශ්චයකාරතුමනි ,ඔය හොර පොල්තෙල් බමුනාව අමුඩයක් ගස්සලා අවුරුදු 10 ක් වත් හිරේ දමන්න. සෑම දවසකම උදේ වරුවම ඔහුව කොළඹ නගරයේ පාරවල් අතුගාන්න,කුණු අදින්න, දමන්න. හවස් වරුවම ප්‍රසිද්ධ වැසිකිලි සෝදන්න දමන්න. හැන්දෑවේ 6 ට අල්ලලා කුඩුවට දමන්න. ස්තුතියි ස්වාමිනි.