IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොල්ගහවෙල රිය අනතුරකින් එස්.ටී.එෆ්. 8 ක් ඇගලුම් සේවිකාවෝ 7 ක් රෝහලේ

( චමින්ද වැවතැන්න)

රඹුක්කන පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ නාරංබැද්ද පොලිස් විශේෂ කාර්ය බළකා කදවුර ආසන්නයේ දී සිදු වු රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරින් 8 දෙනෙකු හා ඇගලුම් සේවිකාවන් 7 දෙනෙකු අද (2) වැනිදා පෙරවරුවේ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දේවාලේගම පොලිසිය කියයි.

මෙලෙස කුරුණෑගල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ නාරංබැද්ද කදවුරේ සේවය කරන සාජන්වරයෙකු හා කුරුණෑගල කදවුරේ සේවය කරන නිලධාරින් 7 කු ඇතුළු 8 දෙනෙකු බවත් ඇගලුම් ආයතනයේ සේවිකාවන් කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්රමතිකාර ලබන බවත් දේවාලේගම පොලිසිය පැවසීය.

ඊයේ 02 වැනිදා මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව සබරගමුව පළාත් බද කෑගල්ල මහධිකරණයේ පැවැත්විණ. එම නඩුව පැවැවෙන අධිකරණ භූමිය සෝදිසි කිරීම සදහා  කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරට අයත් නිලධාරින් කණ්ඩායමක් රඹුක්කන නාරංබැද්ද කදවුරට අලුයම පැමිණ තිබේ. නාරංබැද්ද කදවුරේ නිලධාරින් කණ්ඩායමක් අලුයම 6.00 ට කෑගල්ල මහධිකරණයට ආරක්ෂාව සපයා දීම සදහා පිටත්ව ගොස් ඇති අතර පසුව කුරුණෑගල පිරිස පෙරවරු 7.00 ට නාරංබැද්දේ සිට නාරංබැද්ද කදවුරට අයත් කැබ් රථයකින් නිලධාරින් 8 න් සමන්විත  කණ්ඩායමක් කෑගල්ල බලා ගමන් කර තිබුණි. 

ගමන් ආරම්භ කර මීටර් 500 ක් පමණ හිරිවඩුන්න දෙසට ගමන් කරමින් සිටින අවස්ථාවේ දී රඹුක්කන සිට පොල්ගහවෙල දක්වා ඇගළුම් ආයතනයක රාජකාරී කටයුතු සදහා ප්‍රවාහන කරමින් තිබුණු බස් රථයක් අධික වේගයෙන් පැමිණ කැබ් රථයේ ගැටී ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව කැබ් රථයේ සිටි විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරින් 8 දෙනාම තුවාල ලබා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කෙරිණ. 

බස් රථයේ ඇගළුම් සේවිකාවන් 7 දෙනෙකු සුළු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර බස් රථයේ රියදුරුවරයා ද කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. 



අදහස් (0)

පොල්ගහවෙල රිය අනතුරකින් එස්.ටී.එෆ්. 8 ක් ඇගලුම් සේවිකාවෝ 7 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site