(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාලකයන් කැමති වුනත් නැති වුනත් සමාජ වෙනස සිදුවීම ඇරඹී ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
එම සමාජ වෙනසට පාලකයන් හොඳටම බිය වී සිටියත් දැන් ඔවුන් පරක්කු වැඩි බවද අමරසූරිය මෙනවිය කීවාය.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් අමරසූරිය මෙනවිය මෙසේද කීවාය.
ආර්ථික අර්බුදය පිටුපස තිබෙන දේශපාලන අර්බුදය අප හරිහැටි තේරුම් ගත්තේ නැතිනම් මෙතෙක් කල් කළ වැරදි නැවත නැවත කරන්න පෙලඹෙන්න පුළුවන්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේ මොහොතේ අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා.
අප ජීවත් වන්නේ සමාජ සංයුතීන් සියල්ල අභියෝගයට ලක්වූ කාලයකයි. අද ලොකුම අර්බුදයට ලක්ව ඇත්තේ පුරවැසියා සහ සහ පාලකයා අතර තිබිය යුතු සමාජ සම්මුතියයි.
පාලකයා මොන කැත වැඩේ කලත් පුරවැසියා සමඟ ඇති කරගත් පෞද්ගලික සබඳතාව හරහා දූෂිත ක්‍රියාවලින් වසා ගැනීමට සමාජය ගොඩනඟා තිබෙනවා.
පාලකයන් ගෙනෙන පනත් හරහා ඔවුන් බොහෝ බියට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.
ඔවුන්ගේ භාවිතාවෙන්ද එය පෙනෙන්නට තිබෙනවා .සමාජයේ පුරවැසියන්ගේ ඇතිවී තිබෙන වෙනස මෙන්ම පුරවැසියා බිය නැතිව ප්‍රශ්න කිරීම සඳහා ඉදිරිපත් ඉදිරිපත්වීම පාලකයන් බිය ගැන්වීමට හේතුවක් වී තිබෙනවා.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාලකයන් දැන් පරක්කු වැඩියි
එරංග Wednesday, 21 February 2024 02:33 PM
මෑතක සිට මැය විසින් කරනු ලබන කතා ඇහෙන කොට එසේ මෙසේ මුරුංගා ගහකට නෙවෙයි... නැගලා ඉන්නේ කියලා අපට නම් හිතෙන්නේ. මෙයා කියන්නෙත් IMF හොඳයිලු.. එයාලා ආවමත් එක කරනවාලු. ඉන්දියාවත් හොඳයිලු... ඉතින් දැන් කරගෙන යන දේ කරන්න නම් තමුන්ලා මොකටද නෝනේ කියලා අහන්න තමයි ඡන්ද දායකයෝ බලා ඉන්නේ...
නිමල් Wednesday, 21 February 2024 04:18 PM
මුරුංගා අත්තට නැංගවිලයි තියෙන්නේ... එයාලාගේම කුලියට කොටන වහල්ලුන්ගේ කමෙන්ට් දැකලා... මෙයාලා ආවොත් අපිත් ඉන්දියාවේ වහල්ලු තමයි. ආය තොවිල්කරලාවත් මෙයාලා පන්නන එක බොරු...!
අරවින්ද මොනරවිල Wednesday, 21 February 2024 02:58 PM
අනිවාර්යයෙන්ම, මේ වෙනස අපි කරන්නම ඕනෑ. ඒක නොකෙරුව හොත් ශ්‍රී ලංකා කියන රාජය ලෝකයෙන් අතුගෑවිලා, ඉන්දියාවට දකුණින් ඇමරිකන්, ඉන්දීය හා චීන හවුල් කොළනියක් ඉතුරු වනු ඇත.
සුරංග Wednesday, 21 February 2024 04:28 PM
ඇත්තටම මෙතුමිය පුවත්පත් මගින් රූපවාහිනී මගින් දැක්කට දැන හැඳුනුම්කමක් නැහැ. ඒත් මට හිතෙනවා මෙතුමිය රටේ පාලනයේ මුල් පුටුවකට හොඳයි කියලා...
fairoos Wednesday, 21 February 2024 05:28 PM
රටේ ඉතුරුවෙලා ඉන්න බයියන් නැතිවෙච්චි දවසට තමයි රටට සෙත...