
( නිමල් ජයරත්න )
පොලොන්නරුව වැලිකන්ද අලුත්වැව ගම්මානයේ සිට පහේකණුව දක්වා කිලෝමීටර් පහක් දිවෙන ප්‍රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගෙනා තාර බැරල් තොගයක් වසර දෙකක සිට ලඳු කැලෑවක සහ ගෙවත්තක විනාශ වී දිරාපත් වෙමින් පවතින බව වැලිකන්ද අලුත්වැව ගම්වාසීහූ කියති.
මීට වසර දෙකක සිට එම මාර්ගය කාපට් කිරීමේ කටයුතු අතරමග නතර කිරිමෙන් ගිනිදමන, නෙලුම්වැව, බොරවැව,අලුත්වැව, මැදගම, පහේකණුව ඇතුළු ගම්මාන හයක පවුල් පන්දාහකාට වැඩි පිරිසක් ගමනාගමන කටයුතු වලදි විවිධ දුෂ්කරතාවලට මුහුණ පාති.
පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත්වැව හරහා පහේකණුව දක්වා දිවෙන මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීමට මීට වසර දෙකකට පමණ ඉහතදී මුල්ගල තැබූ බවද අලුත්වැව ගම්වාසීහු කියති.
මේ සදහා රුපියල් මිලියන 119 ක පමණ මුදලක් යොදවා ඇති අතර මේ වෙනවිට එම මාර්ගය කිරීමට ගෙනා විශාල බෝක්කු බට, තාර බැරල්, මැටල් ඇතුළු සම්පත් රැසක්, රජයේ දේපොළ වශයෙන් විනාශයට පත්ව හානි සිදුවෙමින් පවතින බව අලුත්වැව ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පිටිපන කවීශ්වර නාහිමියෝ අප සමග සඳහන් කළහ.



2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර හදන්න ගෙනා තාර,බෝක්කු වසර දෙකක් කැලෑවක